|
|
රංගබුද්ධ කළ නිර්මාණයක් |
|
|
මහා කරුණාව නොපෙනෙන බුද්ධ ප‍්‍රතිමාවකින් වැඩක් නැහැ
විහාර මුර්ති ශිල්පී චිත‍්‍රමුල්ලගේ රංගබුද්ධ පවසයි
බුද්ධ ලක්ෂණ ආරෝපණය කොට තැනූ පිළිමය බුදු පිළිමයයි. දිව්‍යාවදානයට
අනුව බුදුරදුන් ජීවමානව සිටි අවධියේම බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය වී ඇත.
එදා සිට අද දක්වා විවිධ මාධ්‍යයන්ගෙන් විවිධාකාර ප‍්‍රමාණයන්ට බුද්ධ
ප‍්‍රතිමා නිර්මාණය වෙයි. නමුත් ඒ සියල්ලන්ගෙන්ම පාහේ විද්‍යමාන වන්නේ
අසීමිත වූ කරුණා ගුණය යි. රළු මාධ්‍යයකට එවැනි කරුණා ගුණය කවන දෑත් ද
ලොවක් වටින්නේය. එවැනි වටිනා දෑතක් වයස 27 ක තරුණයෙකුට හිමිවන්නේ නම්
ඔහු කොතරම් වාසනාවන්තද? ඔහු විසින් නිර්මිත බුද්ධ ප‍්‍රතිමාවකින්
කියාපානුයේ වයස 60 පසුවූ ප‍්‍රවීණ ශිල්පියෙකුගේ නිපුණතාවයයි. “ ඔබ ඔය
වයසේදී සැදූ බුදුපිළිමය මෙසේ නම්, වයස 60 දී පමණ ඔබ සාදන බුදු පිළිමය
ගැන මට සිතා ගන්නටවත් බෑ” යනුවෙන් ඔහුට ගංගොඩවිල සෝම හිමියන් වරක් පවසා
ඇත්තේ ඒ නිසාම විය යුතුය. ඒ තරුණ ශිල්පියා රංග බුද්ධය. ඔහු සමඟ කළ
සංවාද සටහනයි මේ.
ඉතිරිය»
|
|
බිනර පුර
පසළොස්වක
බිනර පුර
පසළොස්වක පෝය සැප්තැම්බර් 26 වන දා බදාදා පූර්ව භාග 04.28 ට
ලබයි.
27 වන දා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 01.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වන දා බදාදාය.
මීළඟ පෝය ඔක්තෝබර්
03 වන දා බදාදාය. |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
පසෙලාස්වක |
සැප්තැම්බර් 26 |
අව අටවක |
ඔක්තෝබර් 03 |
අමාවක |
ඔක්තෝබර් 10 |
පුර අටවක |
ඔක්තෝබර් 19 |
|
|
|
|
|