Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටබරු විහාරයේ ඇසළ පූජෝත්සවය

කොටපොළ ගැටබරු රජ මහා විහාරස්ථ ඓතිහාසික බටහිර රජ්ජු බණ්ඩාර දේවාල ඇසළ පූජෝත්සවය මේ මස 22 දා සිට 28 දා දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ.

22 දා විශේෂ ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව එදින සිට 24 දා දක්වා පේළි පෙරහර පැවැත්විණි.සංස්කෘතික සහ සම්ප‍්‍රදායික නැටුම් ඇතුළු විශේෂාංග රැසකින් යුත් රන්දෝලි පෙරහර 25, 26 යන දිනයන්හි වීථි සංචාරය කිරිමට නියමිතය.

රටටත් ජනතාවටත් සෙත් පතා පැවැත්වෙන දේව තොවිලය හෙවත් කෝල්මුර යාගය 26 දා ආරම්භ වී 28 දා අලුයම ගිනි පෑගීමෙන් අවසන් කැරේ.

ඇසළ පූජෝත්සවය අවසන් කැරෙනුයේ 28 දා දවල් පිරිනැමෙන දේව දානයෙනි.

ඇසළ පූජෝත්සවය කාලය තුළ ගැටබරු පූජා භූමියට පිවිසෙන මාර්ගය අසල ඇසළ තොරණ ප‍්‍රදර්ශනය කැරෙන අතර ඇසළ සල්පිල ද පැවැත් වේ.පෙරහර නැරඹීමටත් පුද පූජා සහ භාරහාර ඔප්පු කිරීමටත් පැමිණෙන බැතිමතුන් සඳහා සියලුම පහසුකම් සලසා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.