[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බමුණුගෙදර සන්තුස්සකෝ ආශ්‍රමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

අමාවක

සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.භා. 10.37න් අමාවක ලබා 11 සිකුරාදා පූ.භා. 09.00න් ගෙවේ.
10 බ්‍රහස්පතින්ද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25

Second Quarterඅව අටවක

‍‍‍ඔක්තෝබර් 03

බුද්ධ කාරක ධර්ම

නිවනට පමුණුවන පිළිවෙත් පාරමිතා නම් වේ. “පරම” යන්නෙන් “උත්තම” යන අර්ථය ද ලැබේ. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් යන අර්ථයෙන් ද “පාරමිතා” යැයි කිව හැකි ය. ඒවා කුසල ධර්ම ගණයට වැටේ. එබඳු පාරමිතා දහයකි. එම දස වැදෑරුම් පාරමිතාවලට බුද්ධ කාරක ධර්ම යැයි කියනු ලැබේ. එම දස පාරමිතා නම් දාන පාරමිතාව (දාන පාරමිතා), ශීල පාරමිතාව (සීල පාරමිතා), නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව (නෙක්ඛම්ම පාරමිතා), ප්‍රඥා පාරමිතාව (පඤ්ඤා පාරමිතා), වීර්ය පාරමිතාව (විරිය පාරමිතා), ක්ෂාන්ති පාරමිතාව (ඛන්ති පාරමිතා), සත්‍ය පාරමිතාව (සච්ච පාරමිතා), අධිෂ්ඨාන පාරමිතාව (අධිට්ඨාන පාරමිතා), මෛත්‍රී පාරමිතාව (මෙත්තා පාරමිතා) සහ උපේක්ෂා පාරමිතාව (උපේක්ඛා පාරමිතා) යන්නයි. “දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං ඛන්ති සච්ච මධිට්ඨානං මෙත්තුපෙක්ඛාතිමේ දස”පාරමිතා ගුණධර්ම පුහුණු කරන්නෙක් කරුණු පහක් සම්පූර්ණ කරයි. එනම් තණ්හාවෙන් තොර ව දාන සීලාදී ගුණධර්ම පිරීම, මානයෙන් තොර ව එම ගුණධර්ම පිරීම, මිථ්‍යා දෘෂ්ඨියෙන් තොර ව එම ගුණධර්ම පිරීම, කරුණාවෙන් යුක්ත ව දාන සීලාදී ගුණ ධර්ම පිරීම, උපාය කෞශල්‍ය ඥානයෙන් යුක්ත ව එම ගුණධර්ම පිරීමයි.

 

තුන් ලොවට ම යහපත සැලසූ සේක

මේ මිනිස් සමාජයේ දිවි ගෙවන අයගේ ස්වභාවයන් විවිධ යි. විෂම යි. සමාජය පසෙකින් තබා තනි පවුල් ඒකකයක් ගැන විමසා බැලුවත් එකිනෙකා තුළ තිබෙන්නේ විවිධත්වයක් වගේම විෂමතාවක්. ඒ තනි පවුල් ඒකකයත් බෙදා වෙන් කර, තනි තනියෙන් අප ගැන බැලුවත් විවිධ වූ, විෂම වූ ස්වභාවයන් තමා මොහොතින් මොහොත අප තුළ තිබෙන්නේ. එකම කරුණ සම්බන්ධයෙන් අවස්ථා දෙකක දී අප දක්වන ප්‍රතිචාර වෙනස් වන්නේ ඒ විවිධ විෂමභාවය නිසයි. යම් වෙලාවක දී අප වැස්සට කැමතියි. තවත් වෙලාවක දී ඒ වැස්ස ගැන ම අප තුළ නුරුස්නා ස්වභාවයක් උපදිනවා. වෙලාවක දී අප අපේ සමීපතමයන්ට අතිශයින් ම හිතවත්. තවත් වෙලාවක දී අපට සමීපතමයන් ගැන පවා නුරුස්නාභාවයක් උපදිනවා. අප සහ සෙසු ලෝකයා අතර ගනුදෙනුවේ ස්වභාවය හැම විට ම තීරණය වෙන්නේ අපේ චිත්ත ස්වභාවය අනුවයි. දියෙන් ගොඩ දැමූ මාළුවෙක් වගේ සැලෙන සිතක් සහිත වීම නිසයි අප කා තුළත් විවිධ වූ, විෂම වූ ස්වභාවයන් ප්‍රකට වන්නේ.

 

මිත්‍ර ධර්මය සත්පුරුෂ ධර්මයකි

එකමත් එක කාලයක දඹදිවට දැඩි නියඟයක් හට ගත්තා. තණ කොළ වේළිලා මැරිලා ගියා. පොඩි පඳුරුත්, ලොකු පඳුරුත්, පොඩි ලොකු ගස්වැල් මලානික ව වියළී ගියා. කුඩා සතුන්ගේ සිට මිනිස්සු දක්වා ම කෑම වගේම වතුරත් නැති වෙන්න පටන් ගත්තා. කුසගින්නෙන් පෙළෙන හැමෝම වතුර තියෙන තැන් හොයන්න පටන් ගත්තා. මේ විදිහට මිනිසුනුත්, තිරිසන් සතුනුත් කෑම බීම හොය හොයා ඇවිද ගියා. මේ කියන්න යන කතාව එහෙම එකතු වුණ තුන් දෙනෙක් ගැනයි. ඒ ගිරවෙක්. නාගයෙක් සහ මනුෂ්‍යයෙක්. ඉස්සෙල්ලා ම වතුර හොයාගෙන කැලෑවට ගොඩ වුණේ මනුෂ්‍යයායි. ඔහු කෑම බීම සොයමින් මහා වනාන්තරයේ ඇවිදින කොට මොහුට දකින්න ලැබෙනවා දිරා ගිය විශාල ගහක්. එතැනට ගොඩවුණාම දකින්න ලැබෙනවා අඩි හැටක් පමණ ගැඹුරු වළක්. වතුර ටිකක් තියෙනවා දැක්කා. පිපාසය ඉවසා ගන්න ම බැරි තැන ඒ වළට බැස්සා. හැබැයි ඇතිතරම් වතුර බීවාට පස්සේ ආයෙත් වළෙන් ගොඩ එන්න පුළුවන් වුණේ නෑ. කඹය කැඩී ගියා. ඒ නිසා රාත්‍රිය මේ වළේ ම ගත කළා.

 

 

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]