Print this Article


රිල්පොල රාහුල හිමියෝ සංඝ නායක පදවියෙන් පිදුම්ලබති

රිල්පොල රාහුල හිමියෝ සංඝ නායක පදවියෙන් පිදුම්ලබති

උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම්ලත් ශාස්ත්‍රපති අධ්‍යාපනවේදි රිල්පොල රාහුල අභිනව නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය පසුගිය දා සෙවනගල ශ්‍රී විජයාරාමයේ දී සිදු කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සඟරුවන ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

වැලිමඩ ඌව පරණගම ශ්‍රී ජිනජෝතිකාරාම මහා විහාරස්ථානයේ දී උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ගිරාඹේ මංගල මහානාහිමියන් වහන්සේ ප්‍රධාන සානුනායක වින්සත් වර්ගික කාරක මහා සංඝ සභාවේ අනුමැතියෙන් රිල්පොළ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අභිනව නායක පදවිය පිරිනමන ලදී.