Print this Article


සත්තිස් බෝධි පාක්ෂික ධර්ම

සත්තිස් බෝධි පාක්ෂික ධර්ම

ධර්මය තේරුම් ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඔවුන්ගේ විවිධ මානසික මට්ටම් අනුව ධර්මය තේරුම් ගැනීමේ හැකියාව ද වෙනස් වෙනවා. කෙනකුට ධර්මය කියූ පමණින් වැටහෙන්න පුළුවන්. තවත් කෙනකුට ධර්මය තේරුම් ගැනීමට එය පදයෙන් පදයට අර්ථ දක්වමින් කිව යුතුයි. නැති නම් කොහෙත්ම තේරෙන්නේ නැහැ. පුද්ගල ප්‍රඥප්තිකරණය නමැති ග්‍රන්ථයේ මේ පිළිබඳ ව වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඒ ඒ පුද්ගලයාට ධර්මය තේරුම් ගතයුතු නිසා බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනා කර තිබෙනවා. සෝවාන් මාර්ගය අවබෝධ කර ගැනීමේ දී වැදගත් වන ධර්ම කරුණු ලෙස සත්තිස් බෝධි පාක්ෂික ධර්මය හඳුන්වා දී තිබෙනවා. බෝධිය යනුවෙන් අදහස් කරන්නේ අවබෝධයයි.

සෝවාන් ආදී සතර මාර්ග සිත්වල යෙදෙන ප්‍රඥාව බෝධිය යි. බෝධි පාක්ෂික යනු ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන මාර්ගය ධර්ම කොට්ඨාස තියෙනවා. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම පිළිවෙළින් මෙසේ පෙන්වා දිය හැකියි.

සතර සතිපට්ඨාන

කායානු පස්සනා සතිපට්ඨානය
වේදනානුපස්සනා සතිපට්ඨානය
චිත්තානුපස්සනා සතිපට්ඨානය
ධම්මානුපස්සනා සතිපට්ඨානය

සතර සම්‍යක් ප්‍රධාන

උපන් අකුසල - ධර්ම ප්‍රහාණ කිරීම පිණිස කරනු ලබන වීර්යය.
නූපන් අකුසල ධර්ම නූපදවා ගැනීම පිණිස කරනු ලබන වීර්යය.
නූපන් කුසල ධර්ම උපදවා ගැනීම පිණිස කරනු ලබන වීර්යය.
උපන් කුසල ධර්ම වර්ධනය කර ගැනීම පිණිස කරනු ලබන වීර්යය.

සතර සෘද්ධිපාද

ඡන්ද ඍද්ධිපාදය
වීර්යය ඍද්ධිපාදය
චිත්ත ඍද්ධිපාදය
විමංසා ඍද්ධිපාදය

බොජ්ඣංග ධර්ම හත

සති සම්බොජ්ඣංගය
ධම්මවිචය සම්බොජ්ඣංගය
වීරිය සම්බොජ්ඣංගය
පීති සම්බොජ්ඣංගය
පස්සද්ධි සම්බොජ්ඣංගය
සමාධි සම්බොජ්ඣංගය
උපේක්ඛා සම්බොජ්ඣංගය

ආර්ය මාර්ග අට

සම්මා දිට්ඨි
සම්මා සංකප්ප
සම්මා වාචා
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි

ඉන්ද්‍රිය පස

සද්ධින්ද්‍රිය
වීරින්ද්‍රිය
සතින්ද්‍රිය
සමාධින්ද්‍රිය
පඤ්ඤින්ද්‍රිය

පඤ්ච බල

සද්ධා බල, වීර්ය බල
සති බල, සමාධි බල
පඤ්ඤා බල

සත්තිස් බෝධි පාක්ෂික ධර්ම මේ අවස්ථාවේ දී සංඛ්‍යාත්මක වශයෙන් දක්වා ඇත.

සෝවාන් වීම පිළිබඳ ව විවිධ විචාරයන් කර තිබෙනවා. විමසීම් කර තිබෙනවා.

මොරටුව එගොඩඋයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාම පුරාණ විහාරාධිපති, ගඟුල පරම විශුද්ධාරාමාධිපති, ත්‍රිපිටක විශාරද සාහිත්‍ය ශිරෝමණී සම්බුද්ධ ශාසන විභූෂණ සාහිත්‍ය කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර නරමානේ බුද්ධරක්ඛිත නාහිමියෝ සෝවාන්වීම පිළිබඳව කර තිබෙන විමසීම ඉතාම වැදගත් වෙයි.