මිගලුද්දක ප්‍රේත වස්තුව:
කළොත් යම් පාපයක්
නොවේ කිසි කලෙක සැපයක්
ප්‍රේත වස්තු වර්ණනා රචනා කොට ඇත්තේ ප්‍රේත ලෝකයේ ඉපදුන ඒ ඒ ප්‍රේතයන්ගේ සතුන්ගේ
කතා ඉදිරිපත් කිරීමට යි. තමන් සිත, කය, වචනය මෙහෙයවා සිදු කරන ලද විපාකවල බරපතළකම ඒ
තුළින් මනාව ප්‍රකට වෙනවා.
දුක් විපාක දෙන කර්මයක් කළවිට තමාගේ සැනසීම අහිමි වෙනවා. ආහාර, ජලය, වස්ත්‍ර නැති
ඉතාමත් කටුක දුක් විඳිමින් ඔබ මොබ යන ප්‍රේතයන් අතර ඉපදෙන්නට සිදුවෙනවා. එසේ දුක්
විඳින ප්‍රේතයන් හතර කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා.
ප්‍රේත ලෝකය තුළ නිරි සතුන්ට මෙන් වෙන් වූ වෙනත් ලෝකයක් නැහැ. ඔවුන් අරණ්‍ය, පර්වත,
හිස් ගොඩනැඟිලි තමන් ජීවත් වූ නිවාසවල අහුමුළුවල පවා ඉපදෙනවා. ප්‍රේතයන්ට උපදින්නට
නිශ්චිත තැනක් නැහැ.
ප්‍රේත ආත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහි දී කරන ලද බලවත් අකුසල කර්මයක් හේතු
කරගෙන යි. ඇතැම්විට ඉතාමත් බලවත් අකුසල කර්ම සිදුකර මරණින් පසු සමහරු නිරයේ බොහෝ
කල් දුක් විඳ එයින් චුත ව ප්‍රේත ලොව ඉපදෙනවා. ඒ වගේ ම ඇතැම් අකුසල කර්ම හේතු කොට
ගෙන සමහරු මිනිසත් බවින් චුත ව ඊළඟ භවයේ ප්‍රේත ආත්මයක් ලැබීමට ඉඩකඩ තිබෙනවා.
මනුස්ස ලෝකයේ දී සත්ත්ව ඝාතනය, ලෝභය, තද මසුරුබව, ඊර්ෂ්‍යාව, වෛරය, පරදාර හා
පරපුරුෂ සේවනය, සඟසතු දේ අයථා ලෙස පරිභෝජනය, බොරුකීම හා බොරුවට දිව්රීම, පින්කම්වලට
අකුසල් හෙළිම හා හොර තරාදි පඩි හා හොර මැහුම් භාවිත කරමින් පාරිභෝගිකයන්ට වැරැදි කළ
මිනිසුන් මරණින් මතු ප්‍රේත ලෝකයේ උපදින බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ.
මෙම අකුසල කර්මවලින් ප්‍රේතයන් වී ඉපදෙන අය කල්ප ගණන් ඒ ලොව දුක් විඳිනවා. තමා
විසින් කරන ලද කර්මය තමන් විසින් ම විඳවා ගෙවිය යුතු ය යන සංකල්පය මේ ප්‍රේත
කතාවලින් මැනවින් විදහා දැක්වෙනවා. සමහරවිට කර්ම විපාක ඵල දෙන්නේ පුදුම ආකාරයට යි.
කරන ලද ක්‍රියාව ම ආපස්සට ඒ අන්දමින් විපාක දෙන ආකාරය හොඳින් පසක් වෙනවා.
අද අප කතා කරන මිගලුද්දක ප්‍රේත කතාවේ ද සඳහන් වෙන්නේ එසේ ප්‍රාණඝාත කළ නිසා එයින්
ලැබුණ දුකත්, එයින් මිදී සිල් රැකපු කාලයට ලැබෙන සැපයත් පිළිබඳව යි.
තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී මිගලුද්දක නම් ප්‍රේතයා අරභයා
වදාළ දේශනාවක්.
රජගහනුවර ජීවත් වූ එක්තරා පුද්ගලයෙක් රැකියාව ලෙස කළේ සතුන් දඩයම් කිරීම යි. ඔහු
දිවා රෑ සතුන් මරා විකුණා ජීවිකාව ගෙන ගියා.
ඔහුට දිනක් එක්තරා උපාසකයෙක් මුණ ගැසුණා. කාලයත් සමඟ උපාසකතුමා සමඟ මිත්‍රව ළඟින්
ඇසුරු කළා. ඒ උපාසකතුමා නිරන්තරයෙන් මේ වැද්දාට අකුසල් පිළිබඳ ව කියා දුන්නා. පින්
පව් ගැනත් කියා දුන්නා.
පන්සිල් රැකීමේ අනුසස් කියා දුන්නා. සත්ව ඝාතනයේ තිබෙන අයහපත, දුක, පීඩාව කියා
දුන්නා. නමුත් මේ පුද්ගලයාට සම්පූර්ණයෙන් ම අකුසලයෙන් මිදෙන්නට බැරි වුණා. ඔහු බේරා
ගැනීමට මේ උපාසකතුමා එක්තරා උපායක් යෙදුවා.
“යාලුවා, ඔබ කරන අකුසලය ඉතාමත් බරපතළ යි. එහි විපාක බොහෝම දරුණු යි. ඔබ අකුසලයෙන්
මිදීමට යම් වීර්යයක්, උත්සාහයක් කරන්න කැමැති ද?”
“හොඳයි යාලුවා. ඒ කුමක් ද?”
“යාලුවා, ඔබ දිවා කාලයේ දී මස් පිණිස සත්ව ඝාතනය කළද, රාත්‍රී කාලයේ දී හෝ සිල්පද
සමාදන් වී පන්සිල් රකින්න උත්සාහ කරන්න” යැයි අවවාද කළා.
ඒ අවවාදය පිළිගත් ඒ වැද්දා දිවා කාලයේ ප්‍රාණඝාතනය සිදු කළා. සතුන් මරා මස් පිණිස
සැකසුවා. නමුත් රාත්‍රී වූ පසුව පිරිසුදු වී සිල් සමාදන්ව පන්සිල් ආරක්ෂා කළා.
ටික කලකින් මේ මස් වැද්දා මිය පරලොව ගියා. රජගහනුවර සමීපයෙහි විමාන ප්‍රේතයකුව
ඉපදුණා. පෙර ජීවිතයේ රැස්කළ පිනත්, පවත් ඔහුට එක සේ විඳින්නට වුණා. ඒ ප්‍රේතයා දහවල
කාලයේ දී මහත් වූ දුක් වින්ඳා. රාත්‍රී කාලයේ දී දිව්‍යමය සැප සම්පත් ලැබුවා.
දිනක් ඒ විමානය අසලින් ගමන් කළ නාරද මහරහතන් වහන්සේ මේ ප්‍රේතයා දැක මෙසේ අයා
සිටියා.
“ පුත්‍රය, ඔබ තරුණයි. දිව්‍ය අංගනාවන් පිරිවරාගෙනයි ඉන්නේ. සිත අලවන කාම
සම්පත්වලින් ශෝභමාන යි. නමුත් දවල් කාලයට ඔබ බොහෝ සේ දුක් විඳිනවා. කලින් ජීවිතයේ
දී මොන වගේ කර්මයක් ද කර ගත්තේ?”
“ස්වාමීනි, මම ජීවත්වුණේ රජගහනුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මුවං
මරා මස්කර විකුණලයි මම ජීවත් වුණේ. ලේ තැවරුණු අතකු ඇතිව දරුණු විදිහටයි මම සිටියේ.
කිසිවකට හිංසා නැති සතුන් කෙරෙහි මට තිබුණේ නපුරු සිතක්. දරුණු විදිහට මම නපුරු
වුණා. බොහෝ සතුන්ගේ හිංසාවට මම කැමති වුණා. දමනයක් තිබුණේ ම නැහැ.
ස්වාමීනි, මට හිටියා එක්තරා යහලුවෙක්. ඔහු බොහෝ ම ශ්‍රද්ධාවන්තයෙක්. සිල්වතෙක්. හොඳ
කල්‍යාණ මිත්‍රයෙක්. ඔහු මට අනුකම්පා කළා. මම නැවත නැවත කරන පව්වලින් මාව
වැළැක්වූවා.
“යහලුවා ඔබ පව් කරන්න එපා. අපායේ යන්නට සිතන්නවත් එපා. මරණින් මතු සැප ලබන්නට
කැමැති නම් ඔය දුස්සීල වූ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න.”
මගේ සැප කැමැති, මා කෙරෙහි අනුකම්පා කරන ඔහුගේ වචනය මම ඇසුවා. නමුත් මට පුරුද්ද
අතහැර ගන්නට බැරිවුණා. ඒ සොඳුරු අවවාද පිළිගත්තේ අඩුවෙන් ස්වාමිනි, බොහෝ කාලයක්
පව්වලට ඇලිලා බුද්ධියක් නැති ව මම හිටියේ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා මට අනුකම්පා
කරලා සීල සංවරයෙහි මා පිහිට වූවා.
“ඉතිං යහලුවා. ඔබ දවල් කාලයේ දී සතුන් මරණවා නම්, රාත්‍රියටවත් ඔබගේ සිතත්, කයත්
සංවර කර ගන්නට මහන්සි ගන්න.” කියා ඔහු අවවාද කළා.
“ස්වාමීනි, ඉතින් මම දහවල කාලයේ දී සතුන් මරලා මුදල් උපයා ගෙන රාත්‍රී කාලයේ දී
සිල් සමාදන් වෙලා සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා. එනිසයි මට රාත්‍රී කාලයේ දී
දිව්‍ය සැප ලැබෙන්නේ. දවල් කාලයේ දී බොහෝ සේ දුක් අනුභව කරනවා.
“ස්වාමීනි, දවල් කාලයේ මම විඳින දුක් කන්දරාව වචනයෙන් කිව නොහැකි යි. ඒ අකුසල
කර්මයේ විපාකය ඉතාම බරපතළ යි. ඉර නැඟී එද්දී ම සුනඛයන් පිරිසක් බද්ධ වෛරයෙන් වගේ මා
පිටුපස පන්නාගෙන පැමිණ මාව වටකරගෙන කනවා. තියුණු දත්වලින් නැවත නැවත මාව කීතු
කරමින් හපා කනවා.
ස්වාමීනි, යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයෙහි ස්ථාවර පිහිටලා, නිරතුරු ව ධර්මයේ
හැසිරිලා සිත, කය, වචනය සංවර කර ගත්තොත් මම හිතන්නේ ඔවුන් සංඛත වූ අමා නිවන
මුළුමනින් ම අවබෝධ කර ගන්නවා කියලයි.
ඒ ප්‍රේතයාගේ කතාව අසා සිටි නාරද තෙරණුවෝ සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ
විස්තරය පවසා වදාළා. භාග්‍යවතුන් වහන්සේ එහි අර්ථය විමසමින් දහම් දෙසුවා. එම දේශනාව
එදා දම්සභා මණ්ඩපයේ සිටි සැමට ම ඉතා ප්‍රයෝජනවත් වුණා.
- නයනා නිල්මිණී |