Print this Article


මව් සෙනෙහස...

මව් සෙනෙහස...

දසකඩ මසක් කුසතුළ මා හොවාගෙන
අපමණ දුකක් මා වෙනුවෙන් දරා ගෙන
සිත තුළ බියක් නොතබා පසු නොබාමින
සුන්දර ලොවක් ඇත දැන් ඔබ දිනා ගෙන

නියඟයට නියඟ ආවත් මිහිමතට
නොදැනෙන ලෙසින් මහසයුරට
විඳගෙන දුක් වුවත් සතුටක් ලෙසට
සෙනෙහස පිදුවෙ ඔබ මහමෙර ලෙසට

මා වෙනුවෙන් ඉපදුණු දරු සෙනෙහසට
ගතේ රුහිරු හැරුනේ රන් කිරිවලට
සම නොම වේ මේ ලොව අන් කිසිවකට
අම්මේ ඔබ මට දුන් සෙනෙහසට

පැමිණි දා පටන් මා ඔබේ කුස තුළට
ඉවත දා සිතින් අන් සැප මුල්ලකට
බිහිවූ දා කුසින් ඔබෙ පුතු මේ ලොවට
සතුටින් සිනා පෑවේ මා තුරුලුකොට