Print this Article


උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ නායක පදවි ප්‍රදානෝත්සවය

උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ නායක පදවි ප්‍රදානෝත්සවය

“ශ්‍රීලංකා අමරපුර මහා නිකායේ” උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ නායක පදවි ප්‍රදානෝත්සවය පසුගියදා ඌවපරණගම මැදවෙල ජිනජෝතිකාරාම විහාරස්ථ පුරාණ පිරිත් කොටුවේ දී පැවැත්විණි.

මෙහිදී කරගහඋල්පත සුගතනන්ද,උඩපේරුවේ රතනසාර,රිල්පොළ රාහුල,පේරවැල්ලේ නන්ද,කරගහඋල්පත සුධම්ම යන ස්වාමීන් වහන්සේ උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ “ශ්‍රීලංකා අමරපුර මහා නිකායේ” ඌව නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක,ප්‍රධාන සංඝ නායක,අනුනායක,ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක,උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක යන නායක පදවියන්ගෙන් පිදුම් ලැබූහ.

මෙම අවස්ථාවට ගිරාඹේ මංගල මහ නාහිමි,අනුනායක මැදවෙල සුගතසෝම හිමි, ලේඛකාධිකාරී මහමෙව්නාවේ මංගල හිමි ඇතුළු මහා සංඝරත්න ය ද සහභාගී වූහ.