Print this Article


පිරිසුදු

පිරිසුදු

කෙනකුගෙ සිත් රිදෙනා රුදු
බස් නොකියා කිසි විටකුදු
මෙලෙකින් යුත් මල් පෙති බඳු
බස් දොඩමින් වෙමු පිරිසුදු

වැඩකට නැති කුණූු කන්දල්
කුමටද ගන්නේ අවකල්
සිත් තුළ පිපුණම මෙත් මල්
වාගේ නොවෙදෝ ‘පන්සල්’

හැම කල කරමින් පින්කම්
සැරසුණූ ගුණයෙන්, දහමෙන්
සිත් කොතැනක හෝ ඇත්නම්
බැබළේ ‘රන්තරු’ විලසින්