බොදු දරුවෝ

ගුණ නැණ බෙලෙන් යුතු දූ දරුවන් වන්න
සැමහට සැමදා මෙත් පතුරා ලන්න
ගුරු වැඩිහිටි සැමට ගරු සරුවට ඉන්න
සිහියට ගන්න හොඳ දම් දරුවන් වන්න
හරි මඟ කියා දෙයි ඔබෙ දම් පාසලෙන
සැම ඉරු දින ම දම් පාසල වෙත එන්න
හිස් වචනයෙන් බොරුවෙන් තොර වී ඉන්න
අදිටන් කර ගන්න හොඳ දරුවන් වන්න
සිත කය වචනය සංවර කර ගන්න
ඉගෙනීමට හැකියාවට තැන දෙන්න
උත්සාහයෙන් විරියක් ඇති කර ගන්න
එවිට ඔබ සැමට ලැබෙනු ය ජය ගන්න
කලණ මිතුරු පමණක් ඇසුරට ගන්න
පාප මිතුරු නම් ඇසුරට නොම ගන්න
සාමෙන් සතුටින් නිතරම පසුවන්න
පිපිණු මලක් සේ විකසිත වී එන්න
සැම ඉරු දිනම දම් පාසල් වෙත එන්න
වැරදුනු විටදි එය නිවැරැදි කර ගන්න
අත්වැල් බැඳ සැමදා එක්වී ඉන්න
බොදු දරුවන් ලෙස සැමදා හැසිරෙන්න
ධම්මගවේෂී දහම් පාසල්
ආචාරිණී
නාලනී වික්රමආරච්චි |