Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ උපාධ්‍යාය මූලික කල්‍යාණි කාරක සංඝ සභාව මඟින්, මංගල ධර්ම කීර්ති ශ්‍රී ධර්මාරාම යන ගෞරව නාම සම්මුතිය සහිත ව කෝට්ටේ රාජමහා විහාර පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද වැල්ලවත්තේ ශ්‍රී සද්ධර්මාරාමාධිපති, ශාස්ත්‍රපති, වතවන සිරිසුමන නාහිමි වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිරිනැමීම පසුගියදා කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

දෙලොව අභිවෘද්ධි පිණිස උදම්මිට ධම්මානන්ද හිමි රචිත ‘මඟුල් සුතුරේ ආලෝකය’ ධර්ම ග්‍රන්ථය මොරටුව, හොරේතුඩුව පුරාණ සාංඝිකාරාම විහාරස්ථානයේ දී පසුගිය දා එළිදැක්විණි. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නාහිමියන් වහන්සේ වෙත ධර්ම ග්‍රන්ථයේ මුල් පිටපත කර්තෘ උදම්මිට ධම්මානන්ද හිමියන් විසින් පිළිගන්වන ලදී.