Print this Article


ඉඩෝරයට අමා වැස්සක්

ඉඩෝරයට අමා වැස්සක්

යමෙක් තරුණ කාලයේ දී තම මහලු මව්පියන් හට ඇප උපස්ථාන නොකළේ නම් හෙතෙම මරණාසන්න අවස්ථාවට පැමිණියේ මම මාගේ මව්පියන්ට කිසිම උපස්ථානයක් නොකළෙමි. පරලොව දී මට කුමක් වේ දෝ යි සිත සිතා පසුතැවිලි බවට පත්වේ.

අම්මේ අම්ම ගැන කියනට නැත වචන
ලොව්තුරු බුදුසමිඳු පැවසුව බුදු වදන
ගන්නෙමි සිතට වැටහෙයි ඒ ගුණ දැහැන
වැතිරී වඳිමු අම්මා අපෙ මිණි පහන

ආදර පියා හා ගෙන ආ දිවි ගමනේ
දරු කැළ වෙතට ගෙන දුන් මහ සුව සහනේ
වදනින් කියන්නට හැබැවින් අද බැහැනේ
අම්මේ ඔබට අම මොක් පුර දුර නැහැනේ