Print this Article


දේව ධර්ම

දේව ධර්ම

හිරි යනු ලජ්ජාව ය. පව් කිරීමට ලජ්ජාවීම ය. ඔත්තප්ප යනු බිය ය. පව් කිරීමට බිය වීම ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ කුසලධර්මයන් දෙදෙනා ලොව පාලනය කරන බවය.

මේ ධර්මතා නොවේ නම්, මේ මව ය. මේ සුළු මව ය, නැන්දනිය ය. ආදී වෙනසක් ලොව නැත. එළුවන්, බැටළුවන් මෙන් ද, කුකුළන්, ඌරන් මෙන් ද, සුනඛයන් හිවලුන් මෙන් ද ලෝකයා සංකර වන්නේ ය. මොවුනගේ වෙනස පෙන්වා දෙමින් ලොව පාලනය කරන මේ ධර්ම විළි - බිය නමින් ද හඳුන්වයි. දේව ධර්ම යනු ද හිරි ඔත්තප්පය යි.