අතුරිත චාරිකා
ලෝකයේ බොහෝ සත්ත්වයාට සෙත, වැඩ පිණිස, අනුග්‍රහ පිණිස වැඩම කිරීම අතුරිත චාරිකා නම්
වේ. බුදුරජාණන් වහන්සේ දිනකට අඩ යොදුනක්, යොදුනක් තරම් දුර පයින් ම වැඩම කළ බවට
විස්තර ඇත. රජගහනුවර සිට කිඹුල්වතට දුර සැතපුම් 960 කි. කාළුදායි මහරහතන් වහන්සේ
සුද්ධෝදන පිය මහ රජුගේ ආරාධනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සැල කළ විට එම ආරාධනාව
පිළිගෙන තම මවුරටට මේ සා දුරක් දින 60ක් පුරා දිනකට එක් යොදුන (සැ. 16) බැගින් පා
ගමනින් වැඩම කළ විස්තර වර්ණනා බුදු සිරිතේ සඳහන් ව ඇත. දෙමසක් පුරා පාගමනින් මෙසේ
වැඩම කළේ බොහෝ දෙනාට සෙත සැලසීමට ය. |