වැටත් නියරත්
ගොයම් කා නම්...
පවුලක, සතුට, සාමය දෙදරා යනවා නම් ඒ චණ්ඩමාරුතයෙන් තැළී පොඩිවෙන පුංචි මල් කැකුළු
හදවතින් කඩා වැටෙනවා. නැඟිටින්නට බැරි වන තරමට ම.
නැවත නිවැරැදි කළ නොහැකි තරම ඒ පුංචි සිත් තුළ ආදරය, කරුණාව, දයාව, ඉවසීම ටිකෙන්
ටික ගිලිහෙනවා. ලෝකයට හොරෙන් හඬා වැටෙනවා. මහ පොළොව සිප නොගත් කඳුළු වියළී ඒ පුංචි
සිත් දරදඬු වෙනවා. සතුට නැති ලෝකයක අතර මං වී සමාජයට වෛර කරනවා.
වැටත් නියරත් ගොයම් කා නම් ඒ අවනඩුව කාට නම් කියන්නද? තමන්ගේ දරුවන්ට හදවතින් ම
ආදරය, සෙනෙහස දෙන්න. ලෝකය ඉදිරියේ ඔවුන් අසරණ නොකරන්න. ශක්තිමත් ව වැඩෙන්නට ඉඩ
දෙන්න.
දිනෙක මහා රූස්ස ගස් ව ඔවුන් ඔබට පමණක් නොවෙයි ලෝකයට ම සෙවණ, සිසිලස දෙනු ඇති.
සුබසි |