Print this Article


තථාගතයන් වහන්සේ අරහං වන සේක

තථාගතයන් වහන්සේ අරහං වන සේක

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු රාග, ද්වේෂ, මෝහ දුරු කළ සේක. කුසල් දහම් දියුණු කළ සේක. උතුම් සමාධිය දියුණු කළ සේක. ආශ්චර්යවත් වූ ප්‍රඥාවක් ඇති කර ගත් සේක. සියලු කෙලෙසුන් කෙරෙන් නිදහස් වූ සේක.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ

ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නො ඇලුන සේක, නොගැටුණ සේක, මුළා නොවුන සේක, ආශාව දුරු කළ සේක.

කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නො ඇලුන සේක, නො ගැටුන සේක, මුළා නො වුන සේක, ආශාව දුරු කළ සේක.

නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නො ඇලුන සේක, නොගැටුණ සේක, මුළා නොවුන සේක, ආශාව දුරු කළ සේක.

දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නො ඇලුන සේක, නො ගැටුන සේක, මුළා නොවුන සේක, ආශාව දුරු කළ සේක.

කයෙන් පහස ලබා ඒ පහස කෙරෙහි නො ඇලුන සේක, නොගැටුණ සේක, මුළා නො වුන සේක, ආශාව දුරු කළ සේක.

මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නො ඇලුන සේක, නො ගැටුණු සේක, මුළා නො වුන සේක, ආශාව දුරු කළ සේක.

බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ

අරහං වන සේක ....
අරහං වන සේක ....
අරහං වන සේක....