සුබ පතන අයුරින් ම
ප්‍රතිඵලත් ලැබෙනවා ද?
එදිනෙදා ජීවිතයේ දී මිනිස්සු එකිනෙකාට තම සුහදත්වය පළකිරීමේ දී සුබ මොහොතට අනුව යම්
යම් ප්‍රාර්ථනා කරන ආකාරය අපට දැකිය හැකියි.
සුබ උදෑසනක් වේවා! සුබ දහවලක් වේවා! සුබ සැන්දෑවක් වේවා! සුබ රාත්‍රියක් වේවා! ආදී
වශයෙන් ජනතාව එකිනෙකාට සුබ පතා ගනිති. මෙම සුබ පැතීම්වලින් මිනිසුන්ට යම් මානසික
සුවයක් ඇතිවිය හැකියි. ඇත්තටම මෙතැන දී සිදුවනුයේ භාෂාමය ගනුදෙනුවක් කියා කිවහොත්
එහි වරදක් නැත. හොඳ අරමුණක් ඇතිව මේවා ප්‍රකාශ කරයි නම් ඒ ජනතාවට ඉන් යහපතක්
සැලසෙන්න පුළුවන්.
නමුත් ප්‍රශ්නය වනුයේ මෙම සුබපතන අයුරින් ම එහි ප්‍රතිඵල මිනිසුන්ට ලැබේ ද යන්නයි.
සුබ පැතීම ලැබෙන තරමට ම ජීවිතය සාර්ථක වේ නම්, එය කෙතරම් අගනේ ද? එය එසේ සිදුවන්නේ
නම් මිනිසුන් අතර ඇති ගැටුම්, සිත් වේදනා ඇතිවන්නේ නැහැ. පවුල් සංස්ථා අතර ආරවුල්
ගොඩනැඟෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික ජීවිතයේ දී ඔබ, අප ලබා ඇති අත්දැකීම වනුයේ
කෙනෙක් තවත් කෙනකුට සුබ පතන තරමට ම එහි ප්‍රතිඵල නොලැබීමයි. එසේ ප්‍රතිඵල නොලැබීමට
හේතුව කුමක්ද? ඒ ගැන සොයා බැලිය යුතුයි. බුදුරජාණන් වහන්සේ සුබ මොහොත ගැන කළ දේශනා
ඇසුරින් මෙයට පිළිතුරක් ලබා ගැනීමට පුළුවන්. “සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ
සන්ධ්‍යාවක්, සුබ නැකත, සුබ මංගල්‍යය, සුබ මොහොත” ඇතිවන ආකාරය අංගුත්තර නිකායේ තික
නිපාතයේ මංගල වර්ගයේ මෙසේ සඳහන් වෙනවා.
සුබ උදෑසන
යේහි භික්ඛවේ සත්තා
පුබ්බන්හසමයං කායේන සුචරිතං
චරන්ති, වාචාය
සුචරිතං, චරන්ති, මනසා සුචරිතං
චරන්ති, සුපුබිබනෙහා
භික්ඛවේ තේසං සත්තානං
යම් පුද්ගලයෙක් උදේ කාලයේ දී කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, මනසින්
සුචරිත පුරත් ද එය සුබ උදෑසනකි.
සුබ දහවල
යේහි භික්ඛවේ සත්තා
මජ්ඣන්තිකං සමයං
කායේන සුචරිතං
චරන්ති, වාචාය සුචරිතං චරන්ති,
මනසා
සුචරිතං චරන්ති, සුමජ්ඣන්තිකො
භික්ඛවේ
තෙසං සත්තානං
යම් සත්ත්වයෙක් (පුද්ගලයෙක්) දහවල් කාලයේ දී කයින් සුචරිත පුරත් ද, වචනයෙන්, සුචරිත
පුරත් ද, මනසින් සුචරිත පුරක් ද එය සුබ දහවලකි.
සුබ සන්ධ්‍යාව
යේහි භික්ඛවේ සත්තා
සායනහසමයං කායේන සුචරිතං
චරන්ති, වාචාය
සුචරිතං චරන්ති, මනසා සුචරිතං
චරන්ති, සුසායනෙහා භික්ඛවේ තෙසං
සත්තානනති
යම් සත්ත්වයෙක් (පුද්ගලයෙක්) සවස් කාලයේ දී කයින් සුචරිත පුරත් ද වචනයෙන් සුචරිත
පුරත් ද, මනසින් සුචරිත පුරත් ද, එය සුබ සන්ධ්‍යාවකි.
මෙම දේශනාවලින් පැහැදිලිව ම යමක් සුබවීමට නම් ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි ව
නිරවුල්ව පෙන්වාදී තිබෙනවා. යම් පුද්ගලයෙක් සිතින්, කයින්, වචනයෙන් වැරැදි විදිහට
ක්‍රියා කරමින් තවත් කෙනකුට සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ සැන්දෑවක් ප්‍රාර්ථනා
කළාට ඉන් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. සිතින්, කයින්, වචනයෙන් සංවර නොවූ අයෙක්
සිංහලෙන් සුබ උදෑසනක් හෝ ඉංගී‍්‍රසි භාෂාවෙන් “ගුඩ් මෝර්නින්” කියා ප්‍රාර්ථනා කළත්
ඉන් යහපත් ප්‍රතිඵලයක් ඔහුට හෝ සුබ පැතුම් ලබන්නාට ඇතිවන්නේ නැහැ.
යම් පුද්ගලයෙක් තවත් අයකු හමුවූ විට සුබ උදෑසනක්, නැතහොත් ඉංගී‍්‍රසියෙන් “ගුඩ්
මෝනින්” කියා මූනිච්ඡාවට කීවත් සුබ පතන්නාගේ සිතුවිලි යහපත් නොවේ නම්, සුබ පැතුම්
ලබන ඔහුට හෝ ඇයට හෝ එය සුබ උදෑසනක් වන්නේ කෙසේද?
මුහුණට මුණගැසුණුවිට සුබ පතන ගමන් “හොඳයි මම නුඹට දෙන්නම්කෝ බැටේ” යනුවෙන් සුබ
පතන්නාගේ පාපී සිතුවිලි, සිත් තුළ තබාගෙන ක්‍රියා කරන්න පුළුවන්. එවැනි මිනිසුන්
අපට මගතොටේ දී, ආයතනවල දී, සමාජයේ දී නොයෙක් තැන්වල දී කොච්චර නම් මුණගැසෙනවා ද?
බාහිර පෙනුමෙන් මිතුරු ලෙසක් පෙන්වමින් ක්‍රියාවේ දී අන්‍යයන්ට හතුරුකම් කරන,
ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයන් කොපමණ නම් සිටිනවා ද? මේවා අයත් වන්නේ වංචනික
ධර්මවලටයි. ද්වේෂයෙන් ක්‍රියා කරමින්, සිතින්, කයින්, වචනයෙන්, සුචරිතවත් ව ක්‍රියා
නොකරන අයෙක් තවත් කෙනෙකුට සුබ පැතුවාට සුබ පතන්නාට හෝ ඔහුට හෝ වෙන සෙතක් නැහැ.
සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, ප්‍රාණඝාතය සිදුකිරීම යනාදිය කාය කර්ම හෙවත්
කයින් කරන වැරදියි. යම් පුද්ගලයකු එම වැරැදි නොකරයි නම්, හා සිත පීඩාවට පත්වෙන
දේවල් නොකියන්නේ නම්, පරුෂ වචන නොකියන්නේ නම්, බොරු නොකියන්නේ නම්, කේළම් නොකියන්නේ
නම්, බොරු පොරොන්දු නොදෙන්නේ නම් ආදී වශයෙන් වාචසික ව සිදුවන වැරදිවලින් ඉවත්ව
ක්‍රියා කරන්නේ නම් හා මනසින් ද්වේෂසහගත ව එම පුද්ගලයා ක්‍රියා නොකරන්නේ නම් එවැනි
පුද්ගලයකු කරන සුබ ප්‍රාර්ථනා ලබන්නට යහපත් වෙනවා. ඒ වගේම ඔහුටත් යහපතක් වෙනවා.
නමුත් අද මිනිසුන් අන්‍යයන්ට සුබ පතනුයේ මේ කිසිත් අවබෝධ කර ගෙන නොවේ. සුබ පතන්නන්
වාලේ සුබ පතන බවයි දැකිය හැක්කේ. සිත, කය, වචනය යන තුන්දොර සංවර කර ගෙන ක්‍රියා
කරන, ධාර්මික ව ජීවත්වන්නන්ගේ සුබ ප්‍රාර්ථනා මිනිසුන්ට ආශීර්වාදයක් වෙනවා.
සුබ නැකත, සුබ මොහොත, උදාවනුයේ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය මතයි. යහපත් ව සිතින්,
කයින්, වචනයෙන් සංවර වී සුබ උදෑසනක් ළඟා කර ගන්නා පුද්ගලයා එය දහවල් කාලයේත් රකී
නම් එතැන සුබ දහවලක් නිර්මාණය වෙනවා. එම පුද්ගලයා ම සන්ධ්‍යා කාලයේදීත් එම
ප්‍රතිපත්තිය ම රකී නම් ඔහුගේ මුළු දවසම සුබ වෙනවා. එලෙස ජීවිතය හැඩගසා ගන්නා
පුද්ගලයා දෛනික ව එය තම ජීවිතයට ළං කර ගන්නවා. ඒ අනුව ඔහු ජීවත්වෙන හැම මොහොතකම
ඔහුට සුබයි. ඔහුගේ සුබ පැතුම් ලබන්නන්ට සුබ වෙනවා.
ඉහත සඳහන් කළ සූත්‍රයේදී ම සුබ නැකත, සුබ මඟුල ආදිය ඇතිකර ගන්නේ කෙසේද? කියා
බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.
සුනක්ඛත්තං සුමංගලං
සුප්පභාතං සුචුට්ඨිතං
සුඛණො, සුමුහුතෙතා ච සුයිට්ඨං
බ්‍රහ්මචාරිසු
යම් පුද්ගලයකු සිත, කය, වචනය යන තුන් දොර සංවර කර ගෙන ක්‍රියා කරන විට එය සුබ
නැකතකි. එය සුබ මඟුලකි. සුබ හිරු උදාවකි. සුබ පිබිදීමකි. සුබ මොහොතකි. සුබ
මුහුර්තයකි. මිතුරන් ආශ්‍රය කරන්නන් කෙරෙහි ම හැසිරීමකි.
පදක්ඛිණං කායකම්මං
වාචා කම්මංපදක්ඛිණං
පදක්ඛිණං මනෝකම්මං
පණිධියෝ පදක්ඛිණා
පදක්ඛිණානි කත්වාන
ලභතතේථ පදක්ඛිණෙ
මෙහි අර්ථය වනුයේ දියුණු වූ කාය කර්ම වේ. දියුණු වූ වාග් කර්ම වේ. ප්‍රාර්ථනාවන්
ඉෂ්ට වේ.
තෙ අත්ලද්ධා සුඛිතා විරූළහා,
බුද්ධශාසනේ
අරොගා සුඛිතා හෝථ සහ සබේබහි
ඤාතිභීති
බුද්ධ ශාසනයේ වර්ධනය වූ, සුඛිත වූ, ලබන ලද අර්ථය ඇත්තා වූ ඔවුන් සියලු
ඥාතිමිත්‍රාදීන් සමඟ නිරෝගී ව සැප ඇත්තෝ වන්නාහ.
හැම මොහොතේ ම සුබයි. නමුත් එය ඇතිකර ගැනීම හෝ නැතිකර ගැනීම ඇත්තේ තමන් අතේමයි.
බුද්ධ දේශනාව අනුව පැහැදිලි වන්නේ පුද්ගලයා ක්‍රියා කරන ආකාරය අනුව සුබ හෝ අසුබ හෝ
කාලය උදාවන බවයි.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |