සදාකාලික
කිසිත් ලොව නැත

ඔබත් මමත් කිසිවකුහට හිමි නැති
සම්මුති නම හිමි
පසිඳුරු ගොනුවකි
සදාකාලික කිසිත් ලොව නැත
හැම දෙයම අනියත ය ලොව තුළ
මිනිස් උපත ද දුලබ වේ ම ය
බුදුන් දැකුම ද ඉතා දුලබ ය
දැන නොදැන කල පව් පල දී
කල්ප ගණන් දුක් විඳිති සත නිරයෙ
තණ්හා ආශා හද තුළ රඳවා
සසර කතරේ දුක් විඳිනා මනු සත
සත් පුරුෂයකු ලෙස දහම පිළිපැද
පතමු අමා නිවන ම උපත මරණය නොලබන
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |