කරපික්කඩ ජිනරතන නාහිමි
ජන්ම දිනයට සමගාමීව පින්කම් මාලාවක්
ගම්පහ, අස්ගිරිය පුරාණ ගල්ලෙන් විහාරයේ භාරකාර විහාරාධිපති, ඒකල ශ්‍රී ධර්ම
විජයාරාම විහාරාධිපති සියනෑ, හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක කරපික්කඩ ජිනරතන
ස්වාමීන් වහන්සේගේ හැටහත්වන ජන්ම දිනයට සමගාමීව විහාරස්ථ දායක, දායිකා පින්වතුන්
විසින් සුදු කරනු ලබන පින්කම් මාලාවකි.
මෙම මස 16 වන දින රාජගිරිය ආබාධිත රෝහලට දානය පිරිනැමීම, 19 දින ආශිර්වාද
බෝධිපූජාව, 22 දින ස්වාමීන් වහන්සේලා උදෙසා පවත්වන ගිලන්පස දානමය පින්කම හා 23 වන
දින පවත්වන ලේ දන්දීමේ පුණ්‍යකර්මයක් ද සිදු කරනු ලබයි. |