Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 39, පිටුම්පේ, පාදුක්ක ලිපිනයේ පදිංචි එම්. සේනාරත්න යන අය හෘද රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට හෘද සැත්කම සඳහා විශාල මුදලක් වැයවන බව ද කියයි. ඔහුට ස්ථිර රැකියාවක් නොමැති හෙයින් සැත්කම සඳහා මුදලින් ආධාර කරන ලෙස ඉල්ලීමක් කරයි. පාදුක්ක හැටන් නැෂනල් බැංකුවේ 140020161894 ගිණුමට මුදල් බැර කළ හැකි බව කියයි. වැඩි විස්තර 071 3902305 හෝ 071 6802838 දුරකතනයන්ගෙන් විමසිය හැකි බව ද කියයි.

****

නො.196/10 පරණ කොට්ටාව පාර, මිරිහේන, නුගේගොඩ යන ලිපිනයේ පදිංචි ටී. නාලක ප්‍රනාන්දු යන අය වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද ඒ සඳහා මුදල් ආධාර කරන ලෙස ද කියයි. ගිණුම් අංකය - 100530763594(ජාතික ඉතිරි කිරීමේ බැංකුව) දු.අංකය - 077 5989160

****

ජේ.ඩබ්.එල්. සුරංගි යන අයගේ ස්වාමිපුරුෂයා වන වී.ඒ.ප්‍රභාත් කුමාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට බද්ධ කිරීම සඳහා “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් කඩිනමින් අවශ්‍ය බව කියයි. පරිත්‍යාගශීලීන්ගේ උපකාරය ඉල්ලා සිටින බව කියයි. ජේ.ඩබ්.එල්.සුරංගි 0765944687, යසිරු විශ්වනාත් ජයසුන්දර 071 8995947