තල්පිටියේ චන්දරතන හිමියන්ගේ හැටතුන්වැනි ජන්ම දිනය සැමරේ
ස්‍යාමෝපාලිවංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ පානදුරා තොටමුණබද රයිගම් කෝරලයේ
ප්‍රධාන සංඝනායක වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති
ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නාහිමිපාණන්ගේ හැටතුන්වැනි ජන්ම දිනය පසුගිය 04 දිනට
යෙදී තිබිණි. උන්වහන්සේට ආශිර්වාද කිරීම උදෙසා පවත්වන ලද විශේෂ බෝධි පූජාමය
පින්කමක් එදින රාත්‍රී වල්ගම චන්දරතන නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම
විහාරස්ථානයේදී සිදු කරන ලදි. |