රඹුක්පොත චන්දසිරි මාහිමියෝ
ප්‍රධාන සංඝනායක පදවි ලබති
ගොඩමුණේ විමල හිමි
කලවාන - නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති, විශ්‍රාමික පරිවේණාචාර්ය රඹුක්පොත
චන්දසිරි මාහිමියෝ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කුකුළු කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය
ලබති.
2025.01.16 වැනි දින ශ්‍රීමත් මහානායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු
මහාවිහාරයේ දී, රැස් වූ විශේෂ කාරක සභාවක දී “සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාසේකර” යන
ගෞරව නාමය සහිත ව උන්වහන්සේ තෝරාපත් කරගනු ලැබූහ. |