කොළඹ කළුතර දෙදිසාවේ
සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ
වස්කඩුවේ ධම්මාරාම හිමි
කලුතර, වස්කඩුව නමැති සුන්දර ගම්පියසේ වර්ෂ 1960 ඔක්තෝබර් 27 වැනිදා පවුලේ
සිවුවැන්නා ලෙසින් උපන් පින්වත් කුමරු උපන්නාහ.
මවුපිය, සහෝදර ඥාතීන්ගේ ආශිර්වාදයෙන් සමුද්‍රාසන්නාරාමයේ දී අමරපුර මූලවංශික
පාර්ශවයේ අනුනායක පරිත්‍රභාණක පණ්ඩිත වස්කඩුවේ කුසලඤාණතිස්ස නාහිමියන්ගේ හා
වස්කඩුවේ මේධාරාමතිස්ස යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් වස්කඩුවේ ධම්මාරාම තිස්ස
නමින් වර්ෂ 1972 දී උතුම් වූ ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වූහ.
වර්ෂ 1982 අධිශීල සංඛ්‍යාත උපසම්පදාව බලපිටිය මෝදර මාධුනදී උදකුක්ඛේප සීමා මාලකයේ
දී උපසම්පදා උපාධ්‍යාය අමරපුර මූලවංශික පාර්ශවයේ මහා නායක අහුන්ගල්ලේ
විමලනන්දිතිස්ස නාහිමි ප්‍රමුඛ පැවිදි ආචාර්ය වස්කඩුවේ කුසල ඥානතිස්ස වස්කඩුවේ
මේධාරාම තිස්ස නාහිමිවරුන්ගේ ආශිර්වාදාත්වයෙන් ලැබ ගන්නට තරම් පින්වන්ත වූහ.
ශාස්ත්‍රපති අහුන්ගල්ලේ විමලධම්මතිස්ස නාහිමිගේ ආරාධනය පරිදි මහා විහාරවංශික අමරපුර
මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ශ්‍රීමත් ශාස්ත්‍රපති කරගොඩ, උයන්ගොඩ මෛත්‍රීමුර්ති
මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සුවිශේෂී දහම් හමුව පසුගිය පෙබරවාරි දෙවන දා කළුතර
වස්කඩුව, කව්ඩුදූව නාගරුක්කාරාම පුරාණ විහාරයේ දී පැවැත්විණි. |