ගංගාරාමයේ
නවම් පෙරහර

ලෝ පතළ පොඩි හාමුදුරුවෝ අපෙ
ගංගාරාම පුදබිම අධිපති
ඇරඹූ පරසිදු නවම් පෙරහර
කොළොම් පුරයට මිණි කිරුළ වේ
අලි ඇතුන් සිය ගණන් විසිතුරු
ඇඳුම් අන්දා වීදි සරණා
මිහිමතට සුර ලොව පහළ වූ
ලෙසින් සැදැහෙන් දනන් මත් කළ
මහරු කරඬුව පිටින් ගෙන
ප්‍රෞඪ ගමනින් ධජ තෙදින් යුතු
හස්ති රාජා පෙරටු කර ගෙන
පෙරහරේ ගරු බව පසක් කළ
සබරගමු උඩරට පහතරට
නර්තනය එක් තැනක එක් කළ
මහ කලා මංගල්‍ය හෙළයේ
රැව් නඟයි කිතු යසස් සිරිලක
ආචාර්ය
රත්නපාල වික්‍රමසිංහ |