රන් කළයක් මතු වූ ජය භූමියේ ඉදි කළ
ලංකාතිලක රාජමහා විහාරය
උඩුනුවර හියරාපිටිය ගමේ පැන්හැල්ල කඳු මුදුනේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයකි
ලංකාතිලක රාජමහා විහාරය. මේ පුණ්‍ය භූමිය. ගම්පොල යුගයේ ඉදි වූ විශිෂ්ඨතම වාස්තු
ලක්ෂණ පෙන්නුම් කරන අපූර්ව නිර්මාණයකි. මේ පුදබිම ක්‍රි. ව. 14 වැනි සියවස දක්වා
ඈතට දිවයන අතීතයකට උරුමකම් කියයි.
පැරැණි මූලාශ්‍රයන්ට අනුව ලංකාතිලක විහාරය 4වැනි බුවනෙකබාහු රජු ක්‍රි.ව. 1341 –
1351 අතර කාලයේ ඉදි කරන ලද බව විශ්වාස කෙරේ. රජු විසින් විහාරයේ ඉදිකිරීම් සිය
ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාරයන් වෙත පවරනු ලැබූ බවත්, එම අමාත්‍යවරයා දකුණු
ඉන්දියානු වාස්තුවේදී ස්ථපතිරායර්ගේ සහය ඇතිව විහාරය ගොඩනැංවූ බවත් පැවසේ.
ස්වභාවික ව පිහිටි, අක්‍රමවත් බෑවුමක් සහිත ගල් පර්වතයක් මස්තකයෙහි කළුගල්
අත්තිවාරමක් සහිත ව ගඩොලින් ඉදි වූ මේ ගොඩනැඟිල්ලේ නැඟෙනහිර දෙසට මුහුණලා බුදු
පිළිම වහන්සේ සහිත විහාරගෙය ද, බටහිරට මුහුණ ලා හින්දු ආගමික දේවාල ද ඉදිකොට ඇත.
පිළිමගෙය ඊට ම ආවේණික වූ සාම්ප්‍රදායික සිංහල මූර්ති හ වාස්තු ලක්ෂණයන්ගෙන් නිර්මිත
ය. පිළිමගෙයි ඇතුල් බිත්ති මහනුවර යුගයේ සිතුවම්වලින් සමන්විත යැයි සඳහන් වේ. අදවන
විට බිම් මහලත්, පළමුවැනි මහලේ කොටසකුත් පමණක් දැකගත හැකි පිළිමගෙය, අතීතයේ මහල්
හතරකින් සමන්විත ව තිබූ බව විහාරයෙන් හමු වූ ලංකාතිලක තඹ තහඩුවට අදාළ තොරතුරුවලින්
හෙළිදරව් කර ඇත. ඒ වගේ ම සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන් ම කරවන ලද ශිලා ලේඛන විහාර
පරිශ්‍රය තුළ දී දැක ගත හැකි ය.
එයින් පර්වත ලිපියේ ගම්පල යුගයේ හතරවැනි බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේ මෙම විහාරයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිදු වූ බව පැවසේ. තුන්වැනි
පරාක්‍රමබාහු රජුට අයත් ද්‍රවිඩ සෙල්ලිපියට අනුව සේනාධිලංකාර නම් සෙනවියා විසින්
ස්ථපතිරායර් නම් දකුණු ඉන්දීය වාස්තු විද්‍යාඥයා ලවා මෙම විහාරය කරවන ලද බවත් සඳහන්
ය. ස්ථපතිරායර් නම් ශිල්පියා මේ ඉදිකිරීම් සඳහා පොළොන්නරු යුගයේ සිංහල හා හින්දු
වාස්තු විද්‍යාශිල්පය මෙන් ම ඉන්දු චීන වාස්තු විද්‍යාශිල්පය ද උපයෝගී කර ගෙන ඇති
බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි.
මෙහි පිළිම ගෙය දේවාල පහකින් සමන්විත ය. ඒ විෂ්ණු, ගණදෙවි, සුමන සමන්, විභීෂණ සහ
කුමාර බණ්ඩාර යන දෙවිවරු එහි දී වන්දනාවට පාත්‍ර වේ. ලංකාතිලක විහාරය ආරක්ෂා කරනු
ලබන්නේ කුමාර බණ්ඩාර දේවතාවුන් වහන්සේ බවට ජනප්‍රවාදයේ ඒ.
මෙම විහාරස්ථානය ඉදිකිරීම සඳහා භූමිය තෝරා ගැනීම පිළිබඳව ද පුරාවෘතයක් ද අසන්නට
ලැබේ. පැන්හැල්ල පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වැඩසිටි භික්ෂූන් වහන්සේ
නමක් සිය ගුරු හිමියන් සමඟ ඇති වූ සිත් අමනාපයක් හේතුවෙන් පැන්හැල්ල පර්වතයට පැමිණ
ඇත. පර්වතය මුදුනේ පිහිටි පොකුණක රන් කළයක් පාවෙමින් තිබෙනු දුටු උන්වහන්සේ එය
ගන්නට උත්සාහ කළ අවස්ථාවේ එය දියේ ගිලී වෙනත් තැනකින් මතු ව තිබේ. මේ අද්භූත
සිද්ධිය තම ගුරු ස්වාමීන් වහන්සේට දැන් වූ විට ඒ පිළිබඳ සොයාබලා එම සිද්ධිය පිළිබඳ
රජතුමාට දන්වා ඇත.
රාජ නියෝගයෙන් මේ පිළිබඳ සොයා බැලූ ඇමතිවරයකු මේ සිද්ධිය සත්‍ය බවත්, ඒ ස්ථානය ජය
භූමියක් ලෙස සලකා රජ මාලිගයක් ඉදිකිරීමට සුදුසු යැයි යෝජනා කර ඇත. එහෙත් රජතුමා එහි
දේවාලයක් හා විහාරයක් කරවා සංඝයා වහන්සේට පූජා කරන්නට පියවර ගෙන ඇති බව ද සඳහන් වේ.
මේ විහාර කර්මාන්තය කරවීම සඳහා මසුරන් තුන් කෙළ සැටලක්ෂයක් වැය වූ බව සඳහන් වේ.
දීපා පෙරේරා
 |