තාවකාලික ජීවිතයට
සදාකාලික හීන
කුමට ද?
පෙර පාසල් යන සිඟිත්තාගේ පටන් ජීවිතයේ අග සිටින මහල්ලා දක්වා ම පෙළගැසෙන හැම
ජීවිතයක ම විඩාව නො අඩුව තිබෙනවා.
ඒ නිසා ඒ උදවිය හරිම නො ඉවසිලිමත්. ඒ මුහුණුවල සැහැල්ලුව, සතුට, ප්‍රබෝධය පිළිබිඹු
වන්නේ බොහෝම අඩුවෙන්. හිමිදිරියේ අවදි වූ මොහොතේ සිට ගෙවා දමන ජීවිතය තුළ අපගේ
නොසන්සුන්තාව තදින් ම ප්‍රකට වෙනවා.
කලබලකාරී මනසින් වාහනයට ගොඩවන අප මාර්ග සංඥා පුවරුව ඉදිරියේ විනාඩි එකහමාරක් ගෙවා
දමන්නේ කො තරම් කලබලයෙන් ද? රතුපාට සංඥාව ඉදිරියේ කොළපාට වැටෙන තුරු බලා සිටි වාහනය
ඉදිරියට ගනිද්දී ඉදිරියෙන් ඇති වාහනය සෙලවෙන්නේ නැති ව එතැන ම තිබුණොත් අපට මොනවගේ
සිතිවිලි හිතෙනවා ද? පිටුපස ඇති සියලු ම වාහන එක දිගට නලාව නාද කරමින් ‘මොකද ඔතැන
කරන්නේ?’ කියා ඒ වාහන හිමිකරුගෙන් අහන එක ලේසියි. නමුත් දෝෂයකින් නතර වූ වාහනය පණ
ගන්වන්න උදවු වුවමනා එළඹී ඇති බව තේරුම් ගන්න අපට අමාරුයි.
මේ සිත මායාකාරි යි. ලෙහෙසි දේ කරන්නට ලෙහෙසියෙන් නැඹුරු වෙන, අමාරු දේ කරන්න වෑයම්
නොකිරීම සිතේ ස්වභාවය යි. එනිසයි අපේ ජීවිතවල නො සන්සිඳෙන කලබලයක් ගොඩනැඟී
තිබෙන්නේ. ඒ නො සන්සිඳුන කලබලය නිසා සිදුවන්නේ අපේ විවේකය, සැහැල්ලුව, ප්‍රබෝධය
අහිමි වීම පමණයි. ආවේගයෙන්, කලබලයෙන් නො ඉවසිලිමත් බවින් ගිනියම් වූ සිත් සිය දහසක්
අතරේ තම තමාගේ සිත නිවිලා, සංසිඳිලා නම් එය කෙ තරම් භාග්‍යයක් ද? ඒ භාග්‍යය
උදාවෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයාට ම පමණයි.
අපගේ සිත කලබල වෙන, ගැටෙන තැන් ඇත්තට ම කිසිසේත් කලබල විය යුතු තැන් නොවේ. වෙන
කෙනකුගේ ප්‍රමාදයට, වෙන කෙනකුගේ අතපසු වීමකට, වෙන කෙනකුගේ දෝෂයකට අපේ හිත් කලබල කර
ගැනීම අනුවණකමක් නොවේ ද? මගේ කියලා රැක ගන්නා ඇසට පවා අකැමැති රූප පෙනෙනවා නම්,
අනුන් කරන, කියන කටයුතු අපේ කැමැත්ත පරිදි ම විය යුතුයි කියලා හිතන පතන එක එක්තරා
මෝඩකමක් නොවේ ද?
බඹයක් පමණ වූ මේ ශරීරයත්, බාහිරත් යන සියල්ල ම අයිති වන්නේ අපේ වසඟයේ පැවැත්විය
නොහැකි දෙයක් ලෙසට යි. ඒ ඇත්ත නිතර සිහි නො කරන අප කවුරුත් සිටින්නේ මහත් වූ කලබල
සිතකින්.
තථාගතයන් වහන්සේ අපට අවවාද කරන්නේ කෙලෙස් තවන වීරියෙන් යුතු ව කෙලෙස් නසන නුවණකින්
යුතු ව, සිහියෙන් යුතු ව ධර්ම මාර්ගය වඩන ආකාරය යි. මේ ජීවිතයේ හඬ හඬා හෝ
සිනාසෙමින් හෝ අප ගමන් කළයුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යි.
මේ ජීවිතයේ දී අපට බොහෝ මාවත් හමුවෙනවා. විටෙක සියුමැලි, සිහින් වැලි ඇතිරූ මාවත්.
තව විටෙක බොරළු කැට සහිත රළු මාවත්. බුද්ධිමත් කෙනා බොරළු සහිත මාවත වුව ද තෝරා
ගන්නේ ඒ මාවත අමා මහා නිවන කරා ගෙනයන නිසායි.
අරිඅටඟි මඟ ගමන් කරද්දී ආවේගය සංසිඳී යනවා. යථාවබෝධය උපදිනවා. මොනම දෙයකට වුව ද
සෙසු ලෝකයා සමඟ වාද විවාද, කලකෝලාහල සිදුකර ගන්නේ නැහැ. ලෝකය තුළම ජීවත් වෙමින්
ඔවුන් ලෝකයෙන් වෙන් වෙනවා. ඒ උතුªම් රහතන් වහන්සේ යි. එය කො තරම් අසිරියක් ද?
කලබලකාරි බව නිසා අපගේ ජීවිතවල විඩාව බොහෝ සෙයින් වැඩි වෙලා කියන දේ අප තනි තනි ව
තේරුම් ගත යුතු වෙනවා. ඒ දුක්බර කලබලයට අකැමැති වෙන්න. සන්සිඳුන ජීවිතය සුවපහසු බවට
කැමැති වෙන්න. ඒ කැමැත්ත බලවත් කිරීමටයි.
නයනා නිල්මිණී |