අරහං බුදු ගුණය
නමදිමි
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු රාග, ද්වේෂ, මෝහ
දුරු කළ සේක. වීතරාගී වූ සේක, වීත දෝෂී වූ සේක. වීතමෝහී වූ සේක, සියලු අකුසල
ධර්මයන් ප්රහාණය කළ සේක, සියලු කුසල ධර්මයන් උපදවා ගත් සේක., සිත, කය, වචනය
පිරිසුදු කළ සේක. ගුරු උපදේශ නැතිව ම සියලු දුක් නිවාලන අමා මහා නිවන සාක්ෂාත් කළ
සේක. බුදුරජාණන් වහන්සේ දසබලධාරි වන සේක. විශාරද ඤාණී වන සේක. මහා කාරුණික වන සේක,
අනන්ත ඤාණී වන සේක, තථාගත වන සේක, ධර්මස්වාමී වන සේක. මෙසේ අනන්ත අප්‍රමාණ ගුණයෙන්
යුතු බුදුරජාණන් වහන්සේ
අරහං වන සේක !
අරහං වන සේක!!
අරහං වන සේක!!! |