පැතුම ...
නිසසල වන මැද තනි වී අරණක
බවුන් වඩන්නට සැම දේ අතහැර
යන්නට හිතෙනව බුදුබණ ඇසුවම
මහද නිවී යයි හිමි රුව දුටුවම
බෝපත් සෙලවී හමනා සුළඟට
දහසක් බුදුවරු බුදු වූ බෝ මැඬ
පහනක් දල්වා සුවඳ මලින් පුද
පැතුමක් පතනෙමි තිලොවග හිමි සඳ
සසර ගමනෙ දුර කෙටි කර ගන්නට
පිරුණු කුසල් තව වැඩි කර ගන්නට
කළ අකුසල් සැම නැති කර ගන්නට
මගෙ සිත සාදා දුන මැන හිමි සඳ
-
ගාමිණී තල්දෙන |