Print this Article


ධම්ම පදයෙන්

ධම්ම පදයෙන්

සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

අදහස -

පව් නොකරන්න. කුසල් රැස් කරන්න. සිත පිරිසුදු කරන්න. මෙය සියලු බුදුවරුන්ගේ අවවාදයි.

හැඟුම –

සෑම බුදුරජාණන් වහන්සේ නමක් ම ලොවට පහළ වන්නේ අසරණයින්ට පිහිට වීමට ය. උන්වහන්සේ ලොවට පහළ වීම මහත් ශාන්තියකි. සසර කෙටි කර ගැනීමට, දහම් දෙසා නොමඟ යන්නන්ට හොඳ මඟ පෙන්වයි.

බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදය සදාතනික ය.