Print this Article


නව වසරට සෙත්පතා ඕමාන්හි දී පින්කම් රැසක්

නව වසරට සෙත්පතා ඕමාන්හි දී පින්කම් රැසක්

උදාවන නව වසර වෙනුවෙන් සමස්ත ලෝකවාසී ජනතාවට සෙත්පතා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ දී විශේෂ ආශීර්වාද පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ. ඕමාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ දී සිදු කෙරෙන පින්කම් මාලාව තත් විහාර කමිටුවේ සභාපති තුසිත් ප්‍රශාන්ත ගලප්පත්ති මහතා ප්‍රමුඛ විහාර කමිටුවේ මූලික මෙහෙයවීම පරිදි ගවරගිරියේ පේමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

19, 20, 21, 22 යන දිනයන්හි දී සම්බුද්ධ පූජා, බුද්ධ වන්දනා, සෙත් පිරිත් දේශනා, ධර්මානුශාසනා, සඟසතු මහාදාන යනාදී පින්කම් පැවැත්වෙන අතර 20 රාත්‍රී 9.00 සිට පසුදා පහන් වන තුරු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කෙරේ. ගවරගිරියේ පේමරතන හිමි ප්‍රමුඛ ව වත්තෙහේනේ මලියදේව හිමි, ඌරුගමුවේ අස්සජී හිමි, හේනේගම සුබාහු හිමි, ගාල්ලේ සිරි සුධම්ම හිමි, අලවතුගොඩ ධම්මින්ද හිමි, ඌව පරණගම පියරතන හිමි, ගිරාඳුරුකෝට්ටේ සිරිනන්ද හිමි සහ දියසෙන්පුර විමලරතන හිමි මීට සහභාගී වෙති.