Print this Article


තායි බණ පොත සද්ධම්ම සංග්‍රහය

තායි බණ පොත

සද්ධම්ම සංග්‍රහය

සද්ධම්ම සංගහය ලඝු පුස්තකයෙකි. සාර ග්‍රන්ථයකි සංග්‍රහකරණයකි. සද්ධම්ම සංගහ සම්පාදනය කරන ලද්දේ අභිනව ථෙරවාදී බෞද්ධයන් බවට පත් වූ රාම් කම්හැන් රජු ප්‍රධාන තායි ජනතාව උදෙසා ය.

ඔවුන් සසුන් බබළවුණු දකිනු අදහසිනි. නිර්මල සද්ධර්මයේ ඉතිහාසය පැහැදිලි කර දීමට ය. ධර්මාභිලාෂි ඒ සාධු ජනයාගේ ධර්මඥානය වර්ධනය කරනු පිණිස ය. ශ්‍රද්ධා බුද්ධිසම්පන්න ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට බුදුසසුන රැක ගනිමින් ස්ථිරසාර පදනමක ඔවුන් කල් යවනු පිණිස ය. ඔවුන්ගේ ඉහ ලෞකික, පාර ලෞකික සුබ සිද්ධිය දකිනු පිණිස ය. පොදුවේ ගත්විට ත්‍රිවර්ග සැප සම්පත් ළඟා කර ගනු කැමැති සත්පුරුෂයනට ඒ සඳහා මඟ හෙළි කරලීමේ පරමාර්ථයෙන් මෙය සම්පාදනය කර ඇති බැවින් ඒ උපයුක්ත නිමිති ලෙස දැක්විය හැකියි.

ධම්මකිත්ති මහාසාමි නාමය නිගමන ගාථා දෙකක ම සඳහන් වන බැවින් කතුවරයා ධර්මකීර්ති මහාසාමි යැයි නිසැකව ම කිව හැකියි. සුඛෝ දී රාම් කම් හේන් මහරජුගේ සුප්‍රසිද්ධ ශිලා ලේඛනයෙහි නම් කර තිබෙන සංඝරාජයාණන් වහන්සේ නම් සද්ධම්ම සංග්‍රහ කතුවර ධර්මකීර්ති මහාසාමි වෙති.

මෙය පරිච්ඡේද 11කි. බුදුරජාණන් වහන්සේගේ ධරමාන සමයේ සිට, ශාසන ඉතිහාසයේ තොරතුරු සැකෙවින් ඉදිරිපත් කොට පළමුවැනි, දෙවැනි, තුන්වැනි භාරතීය ධර්ම සංගායනාවන් ද, අට්ඨ කතා මූලාශ්‍රය පදනම් කොට ගෙන දක්වා ඇත. මෙය පොදුවේ පරිශීලනය කරන්නවුන්ට ප්‍රයෝජනවත් වන අයුරින් සකසා ඇති සැටි ආරම්භයේ බුද්ධ චරිතය සංග්‍රහ කළ අයුරින් වුව ද මොනවට පැහැදිලි ව පෙනේ.

තෘතිය මහා ශ්‍රාවක මහා කාශ්‍යපයන් වහන්සේගේ පටන් දිඹුලාගල ආරණ්‍යවාසී මහා කාශ්‍යප මාහිමියන් දක්වා ථෙරවාදී භික්ෂු සංඝයාගේ ශාසන සංග්‍රහ මෙහි සම්පිණ්ඩනාත්මක ලෙස පැවසේ. ත්‍රිපිටක ග්‍රන්ථ අට්ඨකථා, ටීකා, ප්‍රකරණ පිළිබඳ ව ඉදිරිපත් කිරීම් පාලි සාහිත්‍ය අධ්‍යයනයේ යෙදෙන්නවුන්ට මහාර්ථයක් සපයයි.

මෙම සාර සංග්‍රහය පිළිබඳ සවිස්තරාමත්මක තොරතුරු උඳුවප් අව අටවක පෝදා අන්තර්ජාල කලාපයේ පළ වේ.