වැලිදෙණිය කනිෂ්ට විද්‍යාලයට
නව දෙමහල් ගොඩනැඟිල්ලක්
ගාලු දිස්ත්‍රික්කයට අයත් වඳුරඹ, වැලිදෙණිය කනිෂ්ට විද්‍යාලයේ දුවා දරුවන් බොහෝ
පිරිසක් අධ්‍යාපනය ලැබුවත් ප්‍රමාණවත් පන්තිකාමර ඉඩ පහසුකම් තිබුණේ නැත. මහරගම
ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ, රාජකීය පණ්ඩිත, කොටනෙළුවේ
පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි රුපියල් කෝටි තුනකට අධික
වියදමක් දරමින්, රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචි, පී.කේ. පියසේන මැතිතුමා සහ එම
මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් විදුහල්පති කාර්යාලයක්, සුහුරු පන්ති කාමරයක්
මෙන් ම වේදිකාවක් සහිත රැස්වීම් ශාලාවක් ද සහිතව දෙමහල් ගොඩනැඟිල්ලක් එම විද්‍යාලයට
පසුගිය දා පරිත්‍යාග කෙරිණි.
|