උඳුවප් පෝය අදයි
පුන්සඳ කිරණින් නැහැවෙයි
පහන් වැටේ සිළු දිලිසෙයි
රන්වැලි සෑ රන් කිරණයි
මහමෙව්නා බුදු සිසිලයි
සුවඳ මලින් මුනිඳු පුදයි
මුදු මද නල ගත දැවටෙයි
බෙර සක් හඬ හද රැව්දෙයි
බුදු පෙරහර නෙත් පිනවයි
ජයසිරි මහ බෝ සෙවණයි
මළුව පුරා සුවඳ හමයි
සත් සිත් සැදැහෙන් පිබිදෙයි
බුදු බණ පවනට මුසු වෙයි
සඟමිත් තෙරණිය සිහිවෙයි
පින් සිතිවිලි හද නහවයි
සිල් සුවඳින් ලක සැනසෙයි
උඳුවප් මහ පෝය අදයි
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |