මිණිපුරයෙන් කොළොම්තොටට පෑයූ සුපුන් සඳ
ගලගම ශාන්තජීව නාහිමිපාණන් වහන්සේ
ශාස්ත්‍රපති පණ්ඩිත
කොස්ගම විනීතජීව හිමි
පූජනීය වූ පැවිදි දිවියට පනස් වසරක් ද, ජන්මලාභයෙන් වසර හැටදෙකක් ද ලබන බහුශ්‍රැත,
කීර්තිධර අනතිමානී ශාන්ත ගුණයෙන් හෙබි ගලගම ශාන්තජීව මාහිමිපාණන් වහන්සේ යුග
මෙහෙවරක නිරත බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි.
රත්නපුර,බළන්ගොඩ, ඉඹුල්පේ, බෙලිහුල්ඔය ඉහළ ගලගම ගමේ 1962 මැයි 1 වන දින උපත ලැබීය.
1975 වර්ෂයේ ජනවාරි පළමුවැනි දින ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක
අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත පරම පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ
නාහිමිපාණන් වහන්සේගේ හා ශ්‍රී ලංකා අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහා
නායක අතිගරු ගැටඅරළුවේ ධම්මරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
උපාධ්‍යායත්වයෙන් යුතු ව ඉහළ ගලගම ශී‍්‍ර සුදර්ශනාරාම මහා විහාරාධිපති හා ශ්‍රී
ලංකා අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර අතිගරු පල්ලේවෙල
විසුද්ධාජීව මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගලගම ශාන්තජීව නමින් උතුම්
ප්‍රව්‍රජ්‍යා භූමියට පත්විය.
1990 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදි උපාධිය
හිමි කර ගත්හ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය,
ධර්මවේදී හා ජනසන්නිවේදන උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව
ද ලබා ගත්හ.
රජයේ ගුරු සේවයට ඇතුළත් ව විදුහල් රැසක ධර්මාචාර්යවරයකු , සහකාර විදුහල්පතිවරයකු
ලෙස සේවය කළ අතර දශක දෙකකට ආසන්න කාලයක් නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස හෝමාගම මධ්‍ය
මහා විද්‍යාලයේ අමිල සේවයක් ඉටු කළහ.
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරයකු ලෙස කෙටි කාලයක් කටයුතු කළහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ දහම් සරසවියේ කථිකාචාර්යවරයකු ලෙස වසර
ගණනාවක් සේවය කළ අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ බෞද්ධ ශිෂ්ටාචාර විෂයයෙහි
හා සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය විෂයෙහි ප්‍රධාන පරීක්ෂකවරයකු ලෙස ක්‍රියා කළහ.
අපවත් වී වදාළ පොරවගම සුමනසිරි නාහිමිපාණන් වහන්සේ, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය
පොරවගම විමලරතන නාහිමිපාණන් වහන්සේගේ ඇසුර හා මඟපෙන්වීම පැවිදි දිවියේ මෙන් ම
අධ්‍යාපන ගමන් මඟෙහි බැබළීමට හේතු විය. දර්ශනපති මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුර ප්‍රශංසනීය ව අගය කළ යුතු ය.
සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්, දැක දුර දක්නා නුවණින් ක්‍රියා කරන අප
නාහිමිපාණන් වහන්සේ බණට, පිරිතට සමත් යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ගෞරවාදරයට පත්ව
ඇත.
බදුලු කොළඹ මාර්ගයේ පුංචි බිම් කොටසක දර්ශනීය දාගැබ, බුද්ධ මන්දිරය, ධාතු මන්දිරය,
හා ධර්ම පුස්තකාලය ඉදිකර ඇත. මෙම ආයතනයෙන් සුවිශාල මෙහෙවරක් සිදුකරනු ලබයි.
ආගමික වශයෙන් පොහෝ දින විශේෂ ආගමික වැඩසටහන් හා මානසික සුවතාව උදෙසා භාවනා
වැඩසටහන්, පුස්තකාල සේවා ලෙස විවිධ විෂයන්වලට අදාළ පොත් තිස්හත්දහසකට අධික
ප්‍රමාණයක් ඇති අතර, පාඨකයෝ දෙදහස් හාරසිය අසූවක් නිරන්තර පොතපත පරිශීලනය කරති.
විවිධ ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර පිරිනැමීම, ආර්ථික අපහසුතා
ඇති පවුල් වෙනුවෙන් ආධාර උපකාර කිරීම, මානසික සුවතාව ඇති කරනු වස් විවිධ මානසික
ගැටලුවලට මුහුණ දෙන ළමා, තරුණ, වැඩිහිටි අය වෙනුවෙන් විශේෂ මානසික උපදේශන වැඩසටහන්
ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.
අප මාහිමිපාණන් වහන්සේ දෙස් විදෙස් රටවලට ද වැඩම කොට ශාසනික හා අධ්‍යාපනික
ක්රියාදාමයේ සක්‍රිය ව කටයුතු කිරීම ප්‍රශංසනීය ය.
හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති ධුරයේ කටයුතු කරන අතර සැදැහැවතුන්ගේ ඉමහත්
ගෞරවාදරයට හා පූජනීයත්වයට පත්ව ඇති අතර, ප්‍රදේශවාසී ජනතාවට ආගමික වශයෙන් පමණක් නොව
ජාතික, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය යුග මෙහෙවරක නිතර වන ගලගම ශාන්තජීව
මාහිමිපාණන් වහන්සේට සමස්ත ලංකා අමරපුර මහා නිකායේ ගරු සභාපති උත්තරීතර මහානායක,
දර්ශනපති, මහා මහෝපාධ්‍යාය පරම පූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ස්ව නිකායික කාරක සංඝ සභාව විසින් ශ්‍රී ලංකා අමරපුර මහා
නිකායේ රාස්සගල පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය “සංඝ ශෝභන,
ප්‍රවීණාචාර්ය, සද්ධර්ම වාගීශ්වර, ශ්‍රී” යන ගෞරව නාම සම්මුතීන් සහිත ව පිරිනමා ඇත.
ගත වූ හැට දෙවැනි වසරක කාලය තුළ උන්වහන්සේ විසින් සිදුකරන ලද සමාජ හා ශාසනික මෙහෙවර
විශිෂ්ට ය.
උන්වහන්සේ විසින් සිදුකරනු ලබන සේවාවන් අගය කරමින් එම සේවාවන් වඩාත් පුළුල් ව සිදු
කිරීමට ශක්තිය හා ධෛර්යය තෙරුවන් බෙලෙන් ලැබේවා! යි ප්‍රාර්ථනා කරමු. |