Print this Article


උතුම් මහරහත් උදාන ගාථා

උතුම් මහරහත් උදාන ගාථා

මහණ ජීවිතේ දියුණුවක් ලබන්නට කැමැති කෙනා, සුව සේ සිටින්නට කැමති කෙනා, බුදු සමිඳුන්ගේ ශ්‍රාවක පිරිස උදෙසා ලැබෙන සිවුරු, දන් පැන් ආදියට අපහාස කරන්නට හොඳ නෑ.

මහණ ජීවිතේ දියුණුවක් ලබන්නට කැමති කෙනා, සුව සේ සිටින්ට කැමැති කෙනා, තාවකාලික අදහසින්ම යි කුටියක් පරිහරණය කළ යුත්තේ. මී ගුලකට රිංගන සර්පයෙක් වගේ.

මහණ ජීවිතේ දියුණුවක් ලබන්නට කැමැති කෙනා සුව සේ සිටින්නට කැමැති කෙනා, ලැබිච්ච දේකින් සතුටු වෙන්නට ඕනෑ. “පමානොවී ධර්මයේ හැසිරීම” නම් වූ එකම “ගුණය” දියුණු කර ගන්නට ඕනෑ.

ධනිය මහරහතන් වහන්සේගේ උදාන ගාථා ඇසුරිනි


මං වනාන්තරේ හිටියෙ ගිනි පූජා කර කර. සසරින් මිදෙන්නට හිතාගෙන ගියේ වැරැදි පාරක. නිවනට යන මඟ දන්නෙ නැති නිසා අත්තකිලමාතානුයෝගයට වැටිලා මම හරියට තපස් කළා. පලක් වුණේ නෑ.

එහෙත් මේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යය බලන්න. මම දැන් ඒ අමා නිවන් සුව ලබා ගත්තේ සුව සේ ම යි. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා, බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.

ඉස්සර මම සම්මුතියෙන් විතරයි බ්‍රාහ්මණයෙක් වෙලා හිටියෙ. එහෙත් මම දැන් ඇත්තට ම බ්‍රාහ්මණයෙක්. ත්‍රිවිද්‍යාව ම තියෙන කෙනෙක්. කෙලෙස් සෝදල දාපු කෙනෙක්. යහපතට පැමිණි කෙනෙක්. ධර්මයේ කෙළවරට පැමිණි කෙනෙක්.

අග්ගිකභාරද්වාජ

මහරහතන් වහන්සේගේ උදාන ගාථා ඇසුරිනි