උතුම් මහරහත් උදාන ගාථා
මහා වීර මුනිඳාණෙනි, ශාක්‍යයන්ටත් පිහිට වීමට දැන් කල් පැමිණිලා.
ඒ ගස්වල ලස්සන මල් පිපිලා, හැම පැත්තට ම සුවඳ හමනවා. දැන් ඒ ගස්, කොළ අත්හැරියා. ඔය
සූදානමින් ඉන්නෙ ගෙඩි පිළිගන්නට. මහාවීර මුනිඳුනි, දැන් ඉතින් අපට පිටත්වෙන්න කල්
පැමිණිලා.
පින්වත් මුනිඳුනි, දැන් බොහෝ සීතලත් නෑ. බොහෝ රස්නෙත් නෑ. දීර්ඝ ගමනකට හොඳ සනීප
දේශගුනයක් තියෙන්නෙ. ඔබ වහන්සේ රෝහිණී ගංගාවෙන් එතෙර වෙලා වඩින කොට බටහිර පැත්තේ
ඉන්න ශාක්‍ය කෝලිය වංශිකයන්ට ඔබ වහන්සේ දැක බලාගන්ට ලැබේවා.
හරිම ආසාවෙනුයි ගොවියන් කුඹුරක් හාන්නෙ. බිත්තර වී වපුරන්නෙත් ආසාවෙන්ම යි.
වෙළෙන්දන් මහ මුහුදේ ගමන් යන්නෙ සල්ලි සොයන්නට ආසාවෙනුයි. මා තුළ ද ආසාවක් තිබේ.
මගේ ඒ ආසාවත් ඉෂ්ට වේවා.
ගොවියෝ ආයෙමත් බිත්තර වී වපුරනවා. ආයෙ ආයෙමත් වැස්ස වහිනවා. එතකොට ගොවියන් ද ආයෙ
ආයෙමත් කුඹුරු හානවා. එතකොට රටට ආයෙ ආයෙමත් සහල් ලැබෙනවා.
යාචකයොත් ආයෙ ආයෙමත් ගෙවල්වලට යනවා. දන් දෙන අය ආයෙ ආයෙමත් දන් දෙනවා. දන් දෙන අය
ආයෙ ආයෙමත් දන් දීලා ආයෙ ආයෙමත් සුගතියේ උපදිනවා.
යම් පවුලක මහා ප්‍රඥාවන්ත, වීර්යවන්ත උත්තමයෙක් ඉපදුණොත් ඇත්තෙන් ම හත් වරිගෙට ම
සැනසීම ලැබෙනවා. දේවාති දේව වූ භාග්‍යවතුන් වහන්සේට ඊටත් වඩා සැනසීමක් ලෝකයට දෙන්න
පුළුවන් කියලයි මම හිතන්නේ. “සත්‍යය” කියල කියන්න පුළුවන් වෙන්නෙ ඔබ වහන්සේට
විතරයි.
මහා ඉසිවරයාණන් වූ අපගේ මුනිඳුන්ගේ පියතුමා සුදොවුන් රජු ය. පින්වත් බිසවුන් වහන්සේ
බෝසතුන් කුමරු කුසින් උසුලාගෙන ඇති දැඩි කළා. මරණින් මතු තුසිතයේ උපන්නා. ඒ මායා
බිසව බුද්ධ මාතාව ය.
ඉතින් ඒ බුද්ධ මාතාව මෙලොවින් චුත වෙලා දිව්‍ය සැපයට පත් වුණා. දැන් ඈ දෙවි පිරිස්
පිරිවරා ගෙන දෙව් සැප විඳිනවා.
අසහාය වූ, පිළිමයකට නැඟිය නොහැකි වූ අකම්පිත සිත් ඇති බුදුසමිඳුන් ගේ පුත් රුවනකි
මමත්. සුදොවුන් ශාක්‍ය රජතුමනි, එනිසා ඔබ ඒ මගේ පියාගේ පියා ය.
කාළුදායි මහරහතන් වහන්සේගේ
උදාන ගාථා ඇසුරිනි
මම මහණ වෙලා හරියට පස් දවසයි. තවම අරහත්වය පිණිස නිවන් මඟේ පුහුණු වෙන කෙනෙක්.
ඉතින් මම කුටියට ගිහින් මෙන්න මේ විදිහට අධිෂ්ඨානයක් ඇති කර ගත්තා.
මේ තණ්හාව නමැති හුල උදුරා දමන තාක් ම මම දානය ගන්නෙ නෑ. කිසිම දෙයක් පානය කරන්නෙත්
නෑ. කුටියෙන් පිටතට යන්නෙත් නෑ. මේ ශරීරය එක ඇලයකට හරි හාන්සි කරවලා නිදා ගන්නෙත්
නෑ.
බලන්න. මම කොයිතරම් දැඩි වීරියක් ද ගත්තේ කියලා. ඉතින් මාත් ත්‍රිවිද්‍යාව ලබා
ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.
පච්චය මහරහතන් වහන්සේගේ
උදාන ගාථා ඇසුරිනි
ඉස්සෙල්ලම කරන්නට ඕන දේ අත්හැරල දාලා කෙනෙක් හිතුවොත් ඒක පස්සේ කරනව කියල සැපයක්
ලබා ගන්නට පුළුවන් අවස්ථාව ඔහුගෙන් ගිලිහී යනවා. අන්තිමට එයා පසුතැවෙනවා.
යමක් කරනව නම් ඒක තමයි කියන්නට ඕනෑ. යමක් කරන්නෙ නැත්නම් ඒක කියන්නට ඕන නෑ.
ක්‍රියාවෙන් තොරව කතාව විතරක් තියෙන උදවියට බුද්ධිමත් අය ප්‍රශංසා කරන්නෙ නෑ.
ඇත්තෙන් ම සම්බුදු රජාණන් වහන්සේ වදාළ ඒ අමා නිවන තමයි උතුම්ම සැපය. දුක නිරුද්ධ
වෙන්නේ එතැනයි. එතැන ශෝකයක් නෑ. කෙලෙසීමක් නෑ. සැබෑ ම රැකවරණයෙන් යුක්තයි.
බක්කුල මහරහතන් වහන්සේගේ
උදාන ගාථා ඇසුරිනි
පෘථග්ජන සත්ත්වයන් ඉන්නේ අවිද්‍යාවෙන් වැහිලා. ඒ නිසා ඒ අය ඇලී වසන්නෙ ජරා මරණවලින්
යුක්ත දුකට බව නුවණැති භික්ෂුව දන්නවා. ඉතින් ඒ භික්ෂුවට පුළුවන් ඒ දුක
සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගන්න. ඔහුට පුළුවන් ඉතා හොඳ සිහියෙන් ධ්‍යාන වඩන්න. ඒ
භික්ෂුවට ඊට වඩා වෙන උතුම් සතුටක් නෑ.
මේ තෘෂ්ණාව නම් දුකට ම යි ඇදගෙන යන්නෙ. කෙලෙස් එක්ක ගැටගැහිලා දුකම යි ඇති කරන්නේ.
ඒ භික්ෂුවට පුළුවන් වුණා, ඒ තණ්හාව නැති කර ගන්න. ඉතා හොඳ සිහියෙන් ධ්‍යාන වඩන්න
පුළුවන් වුණා. ඔහුට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නෑ.
කෙලෙස් සෝදන උතුම් නිවන් මඟ සුන්දර එකක්. ඒ භික්ෂුව ඒ උතුම් නිවන් මඟ ප්‍රඥාවෙන්
දැක ගත්තා. ඉතා හොඳ සිහියෙන් ධ්‍යාන වඩනවා. ඔහුට ඊට වඩා වෙන උතුම් සතුටක් නෑ.
ශාන්ත නිවන තුළ කිසිම ශෝකයක් නෑ. කෙලෙස් නෑ. එය සකස් නොවුණ දෙයක්. කෙලෙස් සෝදන,
බන්ධන නැති කරන නිවනට පැමිණියා. ඔහුට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
අහස ගොරවනවා. අහස පුරාම වැස්ස වහිනවා. එතකොට ඒ භික්ෂුව ඉන්නෙ කන්දෙ ගුහාවක. ඉතා හොඳ
සිහියෙන් ධ්‍යාන වඩනවා. ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
වනමල් හරිම ලස්සනයි. ඒ මල් පොකුරු සුළඟින් ගැලවිලා ගිහින් ගං තෙරේ විසිරෙනවා. එවිට
ඒ භික්ෂුව ගං තෙරේ ඉඳගෙන ධ්‍යාන වඩනවා. ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
මහා වනාන්තරයට රෑට වැස්ස වහිනවා. ඒ වෙලාවට ඇත්තු කුංචනාද කරනවා. එතකොට කන්දෙ ගුහාවෙ
ඉන්න භික්ෂුව ධ්‍යාන වඩනවා. ඔහුට ඉතින් ඊට වඩා වෙන සතුටක් නම් උන්වහන්සේට නෑ.
ඒ භික්ෂුව ඉන්නෙ හැම අකුසල විතර්කයක් ම දුරු කරලා. කිසි කෙලෙස් පීඩාවක් නැතිව.
කෙලෙස් හුල් නැතිව. කන්දෙ ගල්ලෙනේ ඉඳගෙන ධ්‍යාන වඩනකොට උන්වහන්සේට ඊට වඩා වෙන උතුම්
සතුටක් නම් නෑ.
අවිද්‍යා මලකඩ නැති, ශෝක හුල් නැති, පීඩා නැති, තෘෂ්ණා නැති, කෙලෙස් හුල් නැති,
සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වූ සුවපත් වූ සිත් ඇති ඒ භික්ෂුව ධ්‍යාන වඩනවා. ඔහුට
ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
භූත මහරහතන් වහන්සේගේ
උදාන ගාථා ඇසුරිනි
-
ථේර ගාථා ඇසුරෙන් |