නුවණැති දිවි මඟ
යම් කෙනකුට විවිධ අවස්ථාවන් හි දී ධර්මය ශ්රවණය කිරීමට ලැබේ. එසේ ඇසූ ධර්මය
නිරතුරු ව මෙනෙහි කරමින්, ඒ පිළිබඳ නුවණින් විමසමින්, තම ජීවිතයට ගළපා ගනිමින්, ඒ
ධර්ම කරුණුවලට අනුව තම දිවිය හැඩගස්වා ගැනීම නුවණැත්තාගේ ස්වභාව යි. තම ජීවිතයෙන්
අත්හළ යුතු දේ අත්හරිමින්, වැඩිය යුතු දේ වඩමින්, අවබෝධ කළ යුතු දේ මනාව අවබෝධ කර
ගනිමින් නිවන් අවබෝධය පිණිස වීර්යය වැඩීම නුවණැත්තාගේ ස්වභාවය යි.
නිවන් අවබෝධය කැමැති නුවණැති ආර්ය ශ්රාවකයා සද්ධර්ම ශ්රවණය නිරතුරු ව සිදු කළ
යුතු ය. ඒ සදහම් ජීවිතයට ප්රායෝගික කළ යුතු ය.
- දීපා පෙරේරා |