හොඳම තෑග්ග
මූලික, ද්විතීයික අධ්‍යාපනය, මූලික උපාධිය, ආචාර්ය, මහාචාර්ය ධුරයන් වගේම ක්ෂේත්‍ර
කිහිපයක ඉහළ ම ප්‍රවීණතාවන් දක්වා ම අධ්‍යාපනයේ මුදුන් පැමිණීම ලෝකයේ සෑම තැනකම
පැසසුම් ලැබීමට කරුණක් වෙනවා. දරුවන්ට ඇති එකම රැකවරණය අධ්‍යාපනය පමණයි කියා අපටත්
සිතෙනවා.
එහෙත් ඉගෙනීම පමණක් දායාද කොට වැඩෙන දරුවා සමාජගත කිරීමේ දී මවුපියන්ට බොහෝ
ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. එනිසා තමාට දරුවා අවනත කාලයේ සිට ම ඔහුට යම්
ඉලක්කයක් දෙන්න. දරුවාට පමණක් නොවේ අපි අපට ද ඉලක්ක දිය යුතු වෙනවා. ඒ ඉලක්කයේ
තිබිය යුත්තේ හුදෙක්ම වෘත්තියක නමක් නම් නොවේ. එහි නම කවරක් වුවත් අනුන්ගේ දුකෙහිලා
හදවත කම්පා වන කරුණා ගුණ යුතු, අනුන්ගේ යහපත දැක සතුටු වන මුදිතා ගුණ යුතු, අන්
අයගේ හිතසුව කැමැති වන මෙත් ගුණ යුතු, ලෝ දහම හමුවේ නො සැලී දරා ගන්නා, කර්ම කර්මඵල
ස්වභාවය විශ්වාස කරන උපේක්ෂා ගුණ යුතු රාමුවක් තුළට ඒ ඉලක්කය ගෙන එන්න.
ඒ රාමුවේ පිහිටි ගුරුවරයා, බැංකු නිලධාරියා , වෛද්‍යවරයා, හෙදිය, ඉංජිනේරුවා,
මාධ්‍යවේදියා, ව්‍යාපාරිකයා, ආදි කවරෙක් වුවත් ඔවුන් අපට වටිනා සම්පත්. වෘත්තියට
වඩා වටින්නේ ඒ මිනිස් ගුණ සුවඳ යුතු ජීවිත රාමුවයි.
ඒ ගුණධර්ම තුළ නොමැති දරුවා අධ්‍යාපනයෙහි කොතරම් ඉහළට ගියත් ඔහු දුප්පතෙකි. දරුවා
ඉලක්කගත කිරීම මවුපියන්ගේ වගේ ම සමාජයේ ද වගකීමකි.
අප සමාජයට දෙන පාඩම අපගේ වගේ ම තව කෙනකුගේ ජීවිත පාඩමක් වීමට පුළුවන්. ඒ දෙන ජීවිත
පාඩම මත මානව දයා ගුණ සුවඳ තවරන්න. ඒ තමා ජාති, ආගම්, කුල ගෝත්‍රවලින් තොරව ලෝකයට
දෙන්න පුළුවන් හොඳම තෑග්ග...!
-
නයනා |