දිවි මඟ සරසන
ඉරුදින දහම් තක්සලාව
දහම් පාසලක් ඇරඹීමෙන් සිර ගෙවල් සියයක් වැසෙන බව කිව යුතු ම කරුණකි. ඒතුළින් දහම්
දැනුම පමණක් නොව විෂය බාහිර දැනුම මෙන් ම ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ආකල්ප,
කුසලතා වැඩිදියුණු කර ගැනීමටට අවැසි මාර්ගය ද පෙන්වා දෙයි.
වර්තමාන සමාජය දෙස බලන කල දහම් පාසල් යන දරුවන් සමාජය තුළ දී විවිධ අපරාධ හා
ක්‍රියාකාරකම් වෙත යොමු නොවන අතර ම ඒ දරුවන් සමාජය තුළ දී ද ඉතා ප්‍රසන්නවත් මෙන් ම
සමාජයේ කැපී පෙනෙන ලෙස ඉස්මතු වී ඇත.
රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන් බුද්ධිමතුන් මෙන් ම ගුණවතුන්, නැණවතුන් බවට
පත්විය යුතු ය. එහෙයින් පාසල් අධ්‍යාපනය මෙන් ම දහම් අධ්‍යාපනය ද නිසි වයසේ දී
දරුවන්ට ලැබිය යුතු වේ. දහම් පාසල් ගුරුවරුන් වෙත ද විශේෂ වගකීමක්,වේ. ඒ ඉටු කළ
යුතු කාර්යභාරය දහම් පාසල් දරුවන් වෙත දහම් දැනුම පමණක් ම නොව ඔවුනට යහපත් මාර්ගය ද
පෙන්වාදීම ය. ඔවුන් දහම තුළින් පරිපූර්ණ වූ පුද්ගලයන් බවට පත් කර රටට දායාද කිරීම
ය.
එවිට අපරාධ සහිත සමාජයක් බිහි නොවන අතර ම ඔවුන්ගේ ජීවිතය ද එමඟින් සාර්ථක වේ. මේ
නිසා ඉරු දින දී බාහිර පන්ති හා විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් යොමු
නොකොට දරුවන් දහම් අධ්‍යාපනය ලබන්නට දහම් පාසලට යොමු කළ යුතු ය.
පොලොන්නරුව
ශ්‍රී සුදර්ශන බෝධිමලු විහාරයේ
ශ්‍රී ජිනානන්ද ඉංගී්රසි මාධ්‍ය දහම් පාසලේ ආචාර්ය
ආර්.යූ.ජී.කේ.එස්.එම්. බණ්ඩාර |