Print this Article


තෙලෙස් ධුතාංග

තෙලෙස් ධුතාංග

පාංශුකූලිකාංගය - පාංශු සිවුර පරිහරණය කිරීම

තෙචීවරිකාංගය - දෙපට සිවුරු, තනිපට සිවුරු, අදන සිවුරු පමණක් ඇඳීම, පෙරවීම

පිණ්ඩපාතිකාංගය - පිඬු පිණිස වැඩම කොට ලැබෙන දානයක් පමණක් වැළඳීම

සපදාන චාරිකාංගය - ගෙපිළිවෙලින් පිඬු පිණිස වැඩම කිරීම, කිසිම හේතුවකින් කිසිම ගෙයක් අත් නොහැරීම

ඒකාසනිකාංගය - එක් ආසනයක් පමණක් පරිහරණය කිරීම, දන් වැළඳීමේ දී එය දුෂ්කර බැවින් වෙනම ආසනයක් තමා සඳහා ලබා ගත යුතු ය.

සත්ත පිණ්ඩිකාංගය - පාත්‍රයේ පිඬු පමණක් වැළඳීම, දන්වැළඳීම සඳහා වෙනත් කිසිම පිඟානක් හෝ ඊට සමාන භාජනයක් හෝ නොගැනීමත්, ඒ සියලු දේ සඳහා පාත්‍රය පමණක් භාවිත කිරීමත් කළ යුතු ය. වැළඳීමට අපහසු දෙයක් වුව ද පාත්‍රයේ ම වැළඳීය යුතු ය.

ඛලුපච්ජාභත්තිකාංගය - වළඳා ඉතිරි වූ ආහාර හෝ වැළඳීම ප්‍රතික්ෂේප කර ඇති ආහාර හෝ නොවැළඳීම, මුලින් ලැබුණු දාන හැර පසුව ලැබුනු දාන දවසට දෙතුන් වරක් නොදා එක් වරක් පමණක් වැළඳීමත් කළ යුතු ය.

ආරඤ්ඤිකාංගය - ගම්පියසින් ඈත්ව ආරණ්‍යවල, වනාන්තරවල වාසය කිරීම, බුදුන් දවස බොහෝ භික්ෂූහු මෙම ධුතාංගය සිදු කළහ.

වෘක්ෂ මූලිකාංගය - ගසක් මුල වාසය කිරීම, රුක් මුල් සෙනසුන් ඉතා අඩු බවත්, ඉතා හොඳ බවත් හේතුවෙන් බුදුරදුන් එය අනුදැන වදාළහ.

අබ්භෝකාසිකාංගය - එළිමහනේ වාසය කිරීම, භික්ෂූන් වහන්සේ කිසි තැනක ඇල්මක් නොමැති ව වාසය කිරීම ඉන් ගම්‍යමාන වේ.

සෝසානිකාංගය - සොහොනක වාසය කිරීම. එහිදී මරනානුස්සති භාවනාව සිදු කිරීම බොහෝ දුරට සිදු වේ.

යථාසන්ථතිකාංගය - ලැබුණු දෙයින් සතුටු වීම. මෙහි ප්‍රධාන වන්නේ තමන්ට ලැබුණ සෙනසුනේ ම වැඩ වාසය කිරීමයි. එම ලබන සෙනසුන කෙබඳු එකක් වුව ද කරදර උවදුරු සහිත වුව ද, පහසුකම් නැති වුව ද එහිම වාසය කළ යුතු ය.

නේසජ්ජිකාංගය - සිටීම, ඉඳීම, නීඳීම, සක්මන් කිරිම, යන සතර ඉරියව්වෙන් සැතපීම අත්හැර අනෙක් ඉරියව් තුනෙන් කල්ගත කළ යුතු ය. එහිදී ද වාඩි වී සිටීම පමණක් නොකළ යුතු අතර සක්මන් කිරීම ද කළ යුතු ය. චක්ඛුපාල හිමිගේ කතාව ඒ සම්බන්ධ ව වැදගත් වේ.