Print this Article


අමා දම් දෙසූ වග ...

අමා දම් දෙසූ වග ...

තිස්ස තිස්ස යැයි පවසා නිරිඳු හට
පැතිරෙව්වා හිමියන්ගේ ගුණ රටට
අඹ සහ ඥාති පැන අසමින් නැණයන්ට
දෙසුවා අමා දම් කඳ ලක් වැසියන්ට

මිස්සක පව්ව අද අප නිති නිති වඳිනා
තැනක් ව ඇත ධර්මය අප වෙත රැගෙනා
ආවෙ එදා හිමි සඳ සහ ඔවුන් වෙතා
අද මෙන් මතකෙ ඇත පොසොන් සඳ එදිනා