Print this Article


නොමැරෙන ඇත්ත

නොමැරෙන ඇත්ත

රුවන් දම්වැලේ
අග මුල නැත
සෙවීමට හැකි
ජගතෙක් ද නැත
අමිල කාලය එයයි
පෙර දවස යයි හෙටට
නිමේෂය එක් පුරුකකි
එයයි ගෙවෙනා ජීවිතය
මාරුවී පුරුකෙන් පුරුක
වැසී යයි පස් කඳ
මුසුවී බොල් පසට
එයයි නොමැරෙන ඇත්ත