Print this Article


බටුවන්හේනේ ශ්‍රී ඤාණානන්ද හිමි සමථමූල මණ්ඩලයේ සභාපති ධුරයට පත්වෙති

බටුවන්හේනේ ශ්‍රී ඤාණානන්ද හිමි සමථමූල මණ්ඩලයේ සභාපති ධුරයට පත්වෙති

බෙන්තොට දෙද්දූව, ගංගාරාම පුරාණ විහාරාධිපති අලුත්ගම කන්දේ විහාරයේ ක්ෂේත්‍රාරාම මහා පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවේණාධිපති බටුවන්හේනේ ශ්‍රී ඤාණානන්ද හිමි සමථමූල මණ්ඩලයේ නව සභාපති ධූරයට අධිකරණ කොමිෂන් සභාව මඟින් පත්කර ඇත.

වසර 30ක ගුරු සේවයෙන් පසු විශ්‍රාම ගිය උන්වහන්සේ ප්‍රදේශයේ දුප්පත් දූ දරුවන්හට අධ්‍යාපන කටයුතු සඳහා තම ශ්‍රමය මූල්‍යමය දායකත්වය සපයා ඇති අතර දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ධූරය ද හොබවනු ලබන ස්වාමීන් වහන්සේ නමකි.