යහමඟ යවමින
දිවි මඟ සරසන
උපාසකජනාලංකාරය
රාජකීය පණ්ඩිත
රත්මලානේ රතනසිරි හිමි
උපාසකජනාලංකාරය කෘතිය සිංහල බෞද්ධ ප්‍රජාව අතර එතරම් ජනපි‍්‍රය බණ කතා පොතක් නොවේ.
එබැවින් අද අප මේ ඔස්සේ ඔබට හඳුන්වා දෙන්නට උත්සාහ කරන්නේ ඒ වටිනා ගද්‍ය බණ පොත
නැවතත් අපේ ලාංකේය බෞද්ධ සමාජයේ පාඨක ප්‍රජාව වෙත හඳුන්වාදීමට අරමුණු කරගෙන ය.
මෙම පාලි බණ පොත මල්වතුවෙහෙර, මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් විසින් සිංහලයට පෙරළුණු
අතර එය, සිංහල උපාසකජනාලංකාරය නමින් ප්‍රසිද්ධියට පැමිණියේ ය. පොතෙහි එන කරුණු අනුව
එය ලියැවුණේ 1804 - 1811 කාලයේ දී ය. සීලධූතාංගාදී නිර්දේශ නවයකින් යුක්ත
උපාසකජනාලංකාරය සිංහලයට නැඟීමට කතුහිමියන්ට ගතවූයේ දෙමස් සත්විසි දිනක් බව අනුවාදය
අවසානයේ සඳහන් වේ.
ධූතාංගාදී කරුණූු ඉදිරිපත් කිරීමේ දී ගිහියනට ප්‍රමාණවත් කොටස් පමණක් ග්‍රන්ථයට
ඇතුළත් කිරීමෙන් මූලග්‍රන්ථයට වඩා අනුවාදය තරමක් සංක්ෂිප්ත වී ඇත. එහෙත්
උපාසකජනාලංකාරය වැන්නක් එතරම් සුළු කාලයකින් සිංහලයට නැඟීම ප්‍රශංසාර්හ ය.
මූලග්‍රන්ථය අනුව ම සරණාගමනය, සීල ධූතාංග, ආජීව, දස පුණ්‍ය ක්‍රියා, අන්තරායකර
ධර්ම, ලෞකික සම්පත්ති, ලෝකෝත්තර සම්පත්ති, පුණ්‍ය ඵල සාධක යැයි නිර්දේශ නවයකට
බෙදුණූ සිංහල උපාසකජනාලංකාරය සිංහල බෞද්ධයන් විසින් ආදරයෙන් පරිශීලනය කරන්නක් විය
යුතු ය.
පළමුවැනි වූ සරණාගමන නිර්වේශය මඟින් බුදුන් වහන්සේ කෙරෙහි වන ශ්‍රාවක භක්තිය තියුණු
කරමින් ලෞකික හා ලෝකෝත්තර ගුණය හා දළ සමුදාය විස්තර කර තිබේ. එහිදී බුදුහු, බුද්ධ
ශරීරයේ පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක්, අනූව්‍යංජන ලක්ෂණ සහිත රූප විලාසය
හා සතර වෛශාරද්‍ය, සතර සෘද්ධිපාද, සතර සම්‍යග්ප්‍රධාන, පංචේන්ද්‍රිය, පංච බල, ෂඩ්
අසාධාරණ ඤාණ, සප්ත බොජ්ඣංග ආදී ගුණ විලාසයන් විස්තර කර තිබේ.
ලොව්තුරු ඤාණ දර්ශනයන් පිළිබඳ විස්තරය මජ්ක්‍ධිම නිකාය, මහා සීහනාද සූත්‍ර
සිහිගන්වන සුළු ය. ප්‍රථම පරිච්ඡේදය මධ්‍යයේ ග්‍රන්ථ නාමය විස්තර කරමින් මෙසේ දක්වා
ඇත.
“විසුද්ධ වණ්ණං සුගතං නමිත්වා
ස්වණ්ණිම්මිතං ධම්ම වරං ච තේන
තථා විමුත්තං ධනමං ධනෝ හි
උපාසකාලං කරණං කරිස්සං”
යනුවෙන් යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තෙරුවන් වැඳීම, පිදීම ආදී වශයෙන් රත්නත්‍රය
පයුරුපාසානය කෙරේ ද ඔහු උපාසකභාවයට පැමිණෙන්නාහු ය. ඒ උපාසක ජනයන් සැරසෙන්නා වූ
සරණ, සීලා දී ගුණාලංකාර උපාසකජනාලංකාර යැයි කියන ලදැයි ග්‍රන්ථ නාමය පිළිබඳ
ගාථාත්‍රයකින් කරුණු විස්තර කර තිබේ.
නියත වියරණ ලැබීමේ සිට බුද්ධත්වය දක්වා බුද්ධ චරිතය විස්තර කොට තිබේ. අනතුරුව
බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ යෑමේ අගය හඳුන්වා දී තිබේ. රත්නත්‍රය
හඳුන්වාදීමේ දී සූත්‍ර පිටකාගත සූත්‍ර හා ගාථා පන්තීන් ද කරුණු සනාථ කිරීම සඳහා
උපයෝගි කර ගෙන තිබේ. ඡත්තමානවකයාට දේශනා කර ඇති ගාථා පන්තිය මෙහිදී විශේෂයෙන් යොදා
ගෙන ඇති බව සඳහන් කළ හැකි ය. බුද්ධං සරණං ගච්ඡාමි.... යන්න විශේෂ විග්‍රහයකට භාජනය
කරමින් සරණය යාම යන්නෙන් මේ තුනු රුවන ම මට සරණ ය, පිහිට ය යන්න අදහස් කරමින් ඇසුරු
කළ යුතු බව අවධාරණය කර තිබේ. එහිදී සරණ යාම ලෞකික හා ලෝකෝත්තර ප්‍රයෝජන විස්තර
කිරීමට අමතක කර නැත. මෙහිදී
“යෙ කෙචි බුද්ධං සරණං ගතා” යන ගාථාව ඉදිරිපත් කරමින් බුදුන් සරණ යන්නෝ අපායට
නොයන්නෝ යැයි ද, ඔවුහු මරණින් මතු දිව්‍ය ලෝකයේ උපදිතැයි ද විස්තර කර තිබේ.
නමෝ බුද්ධාය කී පමණින් රත්නත්‍රය සරණ ගිය, ධර්මය ආශ්‍රය කරන්නකුට ලැබෙන රැකවරණය හා
යහපත පැහැදිලි කරමින් ධර්මය හා සංඝයා සරණ යාමේ අගය ද තවදුරටත් විස්තර කොට ප්‍රථම
පරිච්ඡේදය නිමා කොට ඇත.
පංච ශීලය විස්තර කරමින් දෙවන සීල නිර්දේශය ආරම්භ කර තිබේ. එක් එක් ශික්ෂා පදය
සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සිදු කොට ඇත. සෑම බෞද්ධයකුට ම තමන් පිළිපදින පංච ශීලය
සම්බන්ධ පැහැදිලි නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම පරිච්ඡේදය හැදෑරීම අතිශයින්
ප්‍රයෝජනවත් වේ. මෙසේ පංච ශීලය ආදියට විස්තර ඉදිරිපත් කොට අට සිල් ආදී ඉතිරි ශික්ෂා
පදවලට ද විස්තර ඉදිරිපත් කරමින් සිල්වත් වීමේ අගය වර්ණනාවට භාජනය කිරීමට අමතක කර
නැත. මෙම දීර්ඝ පරිච්ඡේදය මඟින් කතුවරයා දක්වන අදහස් සනාථ කිරීම සඳහා ඇතැම් විටෙක
කතා වස්තූන් ද ඉදිරිපත් කිරීමට උනන්දු වී ඇත. පරිච්ඡේද අවසානයේ ශීලයේ ආනිසංස පිළිබඳ
විස්තරයක් ඉදිරිපත් කොට ඇත.
ධූත යනු සීලයේ පිරිසුදුකම යැයි පැහැදිලි කරමින් තෙවන පරිච්ඡේදයේ දී ධූතාංග හා ඒවා
සමාදන් වන අයුරුත්, ධූතාංග සුරකින අයුරුත් පිළිබඳ වැදගත් විස්තරයක් ඇතුළත් කොට ඇත.
සතරවෙනි ආජීව නිර්දේශය මඟින් දැහැමි ආජීව අර්ථවත් ලෞකික ජීවිතයක් ගත කළ හැකි බව
පැහැදිලි කර දී දැහැමි ජීවිතයක් ගොඩනඟා ගැනීමේ දී ඇසුරු කළ යුතු හා නොකළ යුතු
මිත්‍රයන් හඳුන්වා දී මව්පිය, දූ දරු වගකීම් ද දක්වා සිඟාලෝවාද සූත්‍රයේ විස්තර
කෙරෙන ෂඩ් දිශාවන් නියෝජනය කෙරෙන සෑම සමාජ ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ම ධාර්මික ව
පැවතිය යුතු ආකාරය පැහැදිලි කිරීමට උනන්දු වී තිබේ.
අනතුරුව ආරම්භ වන්නේ දානයෙන් විස්තර වන දස පුණ්‍ය ක්‍රියා පිළිබඳ විස්තර ඇතුළත් දස
පුණ්‍ය ක්‍රියා වස්තු නිර්දේශයයි.
සයවැන්න වූ අන්තරායකර ධර්ම නිර්දේශයේ දී ආර්යෝපවාදයේ අන්තරායකර පක්ෂය පිළිබඳ
තවදුරටත් කරුණු විභාග කර ඇත.
මෙහි සත්වන ලෞකික සම්පත් නිර්දේශ බෙහෙවින් කඨිනානිසංසය සිහිපත් කරවන්නකි.
ලෝකෝත්තර සම්පත් නිර්දේශයේ දී සර්වඥතා ඤාණාදිය විස්තර කරමින් ලෝකෝත්තර තත්ත්වයට
පත්වීමේ විශිෂ්ටාර්ථය පැහැදිලි කිරීමට සූත්‍රාගත කරුණු ගෙන හැර දක්වමින් කර ඇති
සාකච්ඡාව ශාස්ත්‍රීය විවරණයක් ලෙසින් හැඳින්විය හැකි ය.
අවසාන පරිච්ඡේදය වූ පුණ්‍ය ඵල සාධක නිර්දේශය ජනතාව දුශ්චරිතයෙන් මුදා අර්ථාන්විත ව
සුචරිතයට යොමු කිරීමට ගත් උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය. මෙහි දී ජාතක කතා
නිදර්ශන වශයෙන් ගෙන හැර දක්වමින් කරුණු සාකච්ඡා කිරීමට උනන්දු වී ඇත.
අවසානයට එකතු කර ඇති පරිසමාප්ති පරිච්ඡේදය මඟින් නිගමනයට හා ශ්‍රී ජයවර්ධනපුර
වර්ණනාවක් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ හා රාජාධිරාජසිංහ රජුගේ පුණ්‍ය ක්‍රියා
පිළිබඳ විස්තරයක් ද ඇතුළත් කරමින් ලංකා ඉතිහාසයේ රාජාවලියේ අවසාන භාගය පිළිබඳ
ශාසනික ඉතිහාසය ද ඉදිරිපත් කිරීමට උනන්දු වී තිබීම අගය කළ යුතු වැදගත් කාර්යයකි.
මේ ග්‍රන්ථයේ පරමාර්ථය ලෙස පෙනෙන්නේ ජනතාවට බුදු දහම පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති
කොට ඔවුන් නිවැරැදි ධර්ම මාර්ගයකට යොමු කරවීම ය.
ඇතැම් විටෙක බෞද්ධයන් වශයෙන් ජීවත්වන බොහෝ දෙනා සරණ ශීලයෙහි පිහිටීමේ ඇති වැදගත්කම
හා බුදු දහම මඟින් ලෞකික ජීවිතය සාර්ථක කොටගෙන, ලෝකෝත්තර ඵලයන් ද සාක්ෂාත් කර ගත
හැකි ආකාරය පිළිබඳ මාර්ගය නොදන්නා බැවින් එබඳු ජනයාට බුදු දහම මඟින් ලැබිය හැකි
ලෞකික හා ලෝකෝත්තර ජීවන ඵලයන් විස්තර කර දීම හරහා ඔවුන් නිවැරැදි මඟට යොමු කරවීම
ග්‍රන්ථයේ පරමාර්ථය වූ බව පැහැදිලි ය. |