Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මිනුවන්ගොඩ කෝපිවත්ත ශ්‍රී මෙත්තාරාම දහම් පාසල ශිෂ්‍ය නායක/නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. එහිදී ප්‍රධානාචාර්ය පත්තඬුවන කළ්‍යාණවංස නා හිමි සහ විහාරාධිකාරි කොසඹෑවේ චන්දවංස හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ නවක ශිෂ්‍ය නායක මණ්ඩලය ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි දහම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පැවති සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ දක්ෂ දරුදැරියන්ට ත්‍යාග සහ සහතික පිරිනැමීම ඉකුත් (08) වෙනිදා බුත්තල දුටුගැමුණු ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

බෙන්තොට බෙම්බෙහෙර ගනේපුරාණ විහාරවාසි කරවිලැල්ලේ සුමිත්ත හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් හා අපවත් වී වදාළ ගුරු හිමිවරුන් වන කන්දේ විහාරාධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් හා යටදොළවත්තේ අරියවංශ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා පිණිස බෙන්තොට සුගත වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් වෙනුවෙන් දානමය පින්කමක් සිදු කළහ. මෙම අවස්ථාවට වැඩම කළ සහෝදර හිමිවරුන් එම දානමය පින්කම සිදු කරන ආකාරයයි. අලුත්ගම තුසිත කුමාර සිල්වා