Print this Article


නිකිණි පුර පෝ දා දම් දෙසුමෙන්

නිකිණි පුර පෝ දා දම් දෙසුමෙන්

නිකිණි පුර පසළොස්වක පෝය නිමිති කරගෙන ලේක්හවුස් ආයතනය සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කම පසුගිය දා ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුණි. එදින ධර්ම දේශනාමය පින්කමේ පින්බර දායකත්වය දැන්වීම් මෙහෙයුම් අංශයේ උමංගා ඩයස් මහත්මිය විසිනි.

දම් දෙසුම දිද්දෙණියේ විමලසංඛ නාහිමියන් විසින් සිදුකරනු ලැබූ අතර නැසී ගිය දෝන අයිරින් බ්‍රිජට් ෆොන්සේකා මාතාවට, නිමල් ෆොන්සේකා පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත් ව සිටින ශාන්ති ඩයස් හා අනුර ඩයස් මවුපියන්ට සෙත් පැතීමත් පින්කමේ මූලික අරමුණු විය. ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශී‍්‍රමතාණන්ට සහ ආයතනයේ සේවය කර මියගිය සේවක මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කිරීම ද එහිදී සිදු විය. ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පින්කම සංවිධානය කෙරිණ.

මෙම දම් දෙසුම ශ්‍රවණය කිරීම සඳහා ඉහත QR කේතය කියවන්න