පමා නොවන්නෝ
නොමියෙති
සොඳුරු දසුන් නෙත සැනසුම්
මිහිරි වදන් කන පිනවුම්
දිවට කයට සුව විඳවුම්
සැරයටියෙන් හමාර වෙනවා
එතකොට නැහැ කය වලංගු
එතකොට නැහැ සිත වලංගු
හැරමිටි වාරුවෙන් නැඟිට
අමාරුවෙන් ගාටන විට
අතීතයේ වැරදුණ තැන්
හිතට නැඟෙනවා
තේරෙන කොට වුණු වැරැද්ද
පමාවෙලා වැඩී නේද
සැනසිල්ලේ මැරෙන්නවත්
ඉඩක් ලැබෙන්නේ නැතිවිට
සන්තාපය කලකිරීම
තව වද දෙනවා
පණ යන්නට ඔන්න මෙන්න
කියා තිබිය දී ආපසු
හැරී බලන විට සතුටක්
සිතට දැනේ නම් සකි සඳ
ඔබ ලෝකයෙ අසිරිමතෙකි
මරණය ජය ගත්
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |