සඟ ගුණ නමදිමු
සසුන පවතින්නෙ හිමිවරු නිසා ම ය
බණ දම් අසන්නෙත් හිමිවරු නිසා ම ය
ණැන ගුණ වැඩෙන්නෙත් හිමිවරු නිසා ම ය
ඒ රැක ගැනීම ගිහි අප හැමට උරුම ය
වරදක් දුටුවොතින් හෙම දොස් කියනු එපා
බුදු පුතෙකුන් බව අමතක කරනු එපා
බුදු සමිඳුන්ගෙ දෙසුමට පිටු පාන්නෙපා
නව ගුණයට ම වඳිනෙමු සැදැහෙන් පිණිපා
නාරංගොඩ පාලුව ශ්‍රී සෝනුත්තර
ධර්ම විද්‍යාලයේ ආචාරිණී
ස්වර්ණලතා ලියනපතිරණ |