Print this Article


ධර්ම විනයධර කනංකේ විමලඤාණ හිමි

ධර්ම විනයධර කනංකේ විමලඤාණ හිමි

සමස්ත ලංකා සාම විනිසුරු, ශාස්ත්‍රපති කනංකේ විමලඤාණ හිමිපාණන් වහන්සේට අසූ අට විය සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීම සඳහා ශිෂ්‍ය පිරිස විසින් සංවිධානය කරන ලද පින්කම් මාලාවක් ඔක්තෝබර් මස 5 - 6 යන දිනයන්හි කනංකේ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

දකුණුලක මාතර වැලිගම කනංකේ ගමේ දී 1936.10.06 වන දින ජන්ම ලාභය ලද මෙම පින්වත් කුමරු කනංකේ රාජමහා විහාරාධිපති ව වැඩ විසූ රාජකීය පණ්ඩිත කනංකේ ශ්‍රී ඤාණාලෝක නාහිමිපාණන් වහන්සේගේ හා පැනෑටියන ශ්‍රී චේතියාරාමාධිපති ව වැඩ විසූ පැනෑටියන ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස කනංකේ විමලඤාණ නමින් 1944.03.10 දින සසුන් ගත වී ඇත. ශාසනික ජීවිතයට අවශ්‍ය මූලික අධ්‍යාපනය තම ගුරු හිමිවරුන්ගෙන් හා අකුරැස්ස ජේතවන මහ පිරිවෙණ මඟින් ලබා ගත් විමලඤාණ හෙරණපාණන් වහන්සේ මහනුවර මල්වතු මහා විහාරයේ දී 1957.06.05 දින උතුම් උපසම්පදා ශීලයට පත් වූහ. වසර තිහකට වැඩි කාලයක් ගුරු සේවාව සිදු කර ඇත. ගුරු සේවයේ යෙදී සිටිය දී ම ශාස්ත්‍රවේදි ශාස්ත්‍රපති, අධ්‍යාපන ඩිප්ලෝමා උපාධි හිමි කර ගෙන ඇති විමලඤාණ හිමි බහුශ්‍රැත පඬිවරයෙකි.

ශාසනයේ අනාගත පැවැත්ම වෙනුවෙන් දැන උගත් ප්‍රතිබලසම්පන්න සිසු පිරිසක් ඇතිකර තිබීම ද අගනාම සේවාවකි.

තම ජීවිත කාලය ම ලෝකශාසනික උන්නතිය වෙනුවෙන් කැප කළ ගරු කනංකේ විමලඤාණ හිමිපාණන් වහන්සේට දිගාසිරි හා නිරෝගි සුව සම්පත් ප්‍රාර්ථනා කරමු.