සම්බුදු සසුනේ විමුක්තිය ලබමින්
කාන්තාව ලොව දිනූ වගයි
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
බමුණු මත දැඩි ව මුල්බැසගත් සමයක බුදුරජාණන් වහන්සේ කාන්තා විමුක්තිය අරමුණු කර
භික්ෂූණී ශාසනය පිහිටු වීමට ක්‍රියා කළා.
වස් තුන් මාසය තුළ එළඹුණු දෙවන පොහොය වන බිනරපුර පසළොස්වක දිනය අද අපි මහත්
භක්තියෙන් සිහිපත් කරන්නේ මෙම කාත්තා විමුක්තිය උදා වූ විශ්ව කීර්තිමත් දිනය වශයෙනු
යි.
එදා බමුණු මතවාදය නිසා ම බුදුරජාණන් වහන්සේ දවස ස්ත්‍රීභාවය ලබා තෙරණියක් බවට පත්
වූ මුත්තා තෙරණිය විසින් කරන මේ ප්‍රකාශය කෙ තරම් අව්‍යාජ වූවක් දැයි අපට සිතා ගත
හැකියි. ඇය ප්‍රකාශ කරනවා ”
"මම මිදුණා. ඇත්තට ම සදහට ම මම මිදුණා. කාගෙන් ද? පැති තුනකින්. ඒවා තමා මම දිවා රෑ
නො බලා ගෙදරදොර කටයුතු ඉටු කරන්න, දරුවන්ට කෑම බීම හොයා ගන්න, ගෙදරට යමක් සපයා ගන්න
කය වෙහෙසා වැඩ කරන්නට යොදා ගත් උදැල්ල කියන මේ උපකරණය යොදා ගෙන කරපු කුලී වැඩවලින්.
ඒ වගේම දිවා රෑ හාල්, වී, වෙනත් ඇට වර්ග කොටා සුද්ද කරලා ඒවා ආහාරයට ගැනීමට යොදා
ගත් මෝල් ගහෙනුත් මම මිදුණා. දිවා රෑ නැතුව වෙහෙසී වැඩ කරලා රෑට යන්තම් නින්දක්
ගන්න මම සූදානම් වෙන කොට මට දොස් පරොස් කියා ගෙන ගෙට ගොඩවදින ඒ මගේ රුදුරු
සැමියාගෙනුත් මම මිදුණා. කොහොමද මම මිදුණේ ? ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් මග
අනුගමනය කිරීමෙන්”.
එය තවත් විදිහකින් කියනවා නම් ලෝක තත්ත්වය දැන හඳුනා ගෙන, නිවැරැදි දැක්මක් ඇති කර
ගැනීමෙන්. සදාකල් පවතින සැනසීමක් උදා කර ගැනීමෙන් සසර දුකින් මිදුණා.
මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එදා කාන්තාව අන්ත අසරණ තත්ත්වයකට පත් වී තිබුණු
ආකාරය නොවේ ද? එයින් මිදුණේ බුදුරජාණන් වහන්සේගේ මේ සසුන නිසයි.
සෝමා තෙරණිය විසින් ප්‍රකාශ කරලා තිබෙන මේ ප්‍රකාශයෙන් අදත් අපට හුරු පුරුදු
යෙදුමක් කාන්තාව ගැන සඳහන් වෙනවා. ඒක තමා ස්ත්‍රියට කියන්නේ ඇඟිලි තුඩු දෙකේ නුවණක්
පමණක් තිබෙන තැනැත්තියක ලෙසට යි. ඇය හැඳීන්වූයේ ද්වංගුල පඤ්ඤා කියලා.
මෙහි අදහස කුමක් ද? ළාබාල කාලයේ ඉඳලා බත් උයන ඇය හාල්වලට අවශ්‍ය වතුර ප්‍රමාණය මැන
කිරා බලා දමලා වුවත් අදත් කාත්තාව උයන පිහින කොට බත ඉදිලද කියලා බලන්නේ බත ඉදෙන කොට
හැන්දෙන් අතට ගන්නා බත් ඇට කීපයක් පොඩි කර බැලීමෙන්. ඇඟිලි තුඩු දෙකේ පමණක් ඇයට
දැනුමත් තිබෙන බවයි.
මෙය තවත් ආකාරයකින් පෙන්වා දෙනවා හැඳී මිටේ පමණක් වූ සීමිත නුවණක් පමණක් ඇත්තියක
විලසට. මේ භාවිතය අද ඊයේ ඇති වූවක් නොව එදා බුදුරජාණන් වහන්සේ දවස සිට ම ඇයට ඇත්තේ
ඇඟිලි තුඩු දෙකේ නුවණ ඇත්තියක විලසින් බව මෙම සෝමා තෙරණියගේ ප්‍රකාශයෙන් පැහැදිලි ව
පෙන්වා දෙන්නට පුළුවන්. එනම් ඇයට හීන වූ බොහෝ ලාමක නුවණක් ඇති බවයි. බත් ඇටය පොඩි
කර බත ඉදිලද කියලා බැලීම අවශ්‍ය නැහැ. හාල් ප්‍රමාණයට අවශ්‍ය වතුර යෙදුවා නම්.
මේ සමුත්තා තෙරණියගේ මෙන් ම සෝමා තෙරණියගේ ප්‍රකාශවලින් කියැවෙන්නේ ඇයට හිමි වූයේ
මුළුතැන් ගෙයට හිර වී සිටීමට පමණක් කියන මේ කාරණය යි. උයන පිහින කටයුතුවලින් තොරව
ඇයට කිසිවක් කර ගත හැකි නුවණක් නො වුණ බවයි. එනමුත් මේ සෝමා කලින් උපාසිකාවක් වී
පසුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට පත් වී භික්ෂූන් වහන්සේ නමක් සමානව ම
සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් වීමට තරම් වූ විදර්ශනා ප්‍රඥාව සෙසු භික්ෂූන්
වහන්සේ ආකාරයෙන් ම ලබා ගත් ආකාරය මෙයින් ප්‍රකාශ වෙනවා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා විවාහ ජීවිතයක් සරුසාර වීමට ස්වාමි
පුරුෂයාගේත්, භාර්යාවගේත් කියන දෙදෙනාගේ ම එක හා සමාන වූ ශක්තිය, දායකත්වය අවශ්‍ය
වන බව. එය මැනවින් ප්‍රකාශ වන්නේ පඨමසංවාස සූත්‍රයේ දී. එහිදි දෙවො දේවාය සද්ධිං
සංවසති යන මේ ප්‍රකාශය ඉතා වැදගත් වෙනවා. මනා දරු පරපුරක් ඇති කොට, සැප සම්පත් ඇති,
ධාර්මික දිවි පැවැත්මක් ඇති කර ගෙන ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීමට නම් භාර්යාව මෙන් ම
ස්වාමි පුරුෂයා ද එක හා සමාන දායකත්වයක් දැරිය යුතු වෙනවා.
නකුල පියාගේත් නකුල මවගේත් කියන මේ දෙදෙනාගේ ම සාර්ථක පැවැත්මකට හේතු වූයේ, එම
කුටුම්බය සඵල වූයේ දෙදෙනාගේ ම එක හා සමාන කැපවීම නිසයි. මේ දෙදෙනා ම ශ්‍රද්ධාවෙන්
එක හා සමාන යි. පරිත්‍යාගයේ දී එක හා සමාන සිතින් එම කටයුතුවල යෙදුණා. හික්මීමෙන්
හා ඉන්ද්‍රිය සංවරයෙන් එක හා සමාන යි. ධාර්මික ව දිවි ගෙවන ඒ යුවල ඔවුනොවුන්ට
ප්‍රියමනාප ව වාසය කළා. ඒ විතරක් නොවෙයි. මේ සමාන බව නිසා ම කිසිවිටෙක වචනයකින්වත්
දොස්බස් කීමට දෙදෙනා පෙළඹුණේ නැහැ. හැමවිට ම ප්‍රිය වදන් තෙපලමින් දෙදෙනා ජීවත්
වුණා. මේ නිසා ම පවුලේ අභිවෘද්ධිය දිනෙන් දින ඉහළට ගියා. ඒ වගේම ආර්ථිකයෙන්,
සදාචාරාත්මක පැවැත්මෙන් දෙදෙනා ම ඉදිරියට ගියා. ව්‍යාපාර කටයුතු සඵල වුණා. පවුල්
ඒකකය ශක්තිමත් වුණා. එපමණකුත් නොවෙයි. මේ හේතුවෙන් ම මේ සසර පුරුද්ද දියුණු වීමෙන්
මේ භවයේ පමණක් නොව පරලොවේදිත් ඔවුනොවුන් හමු වී දෙව්ලොව දී පවා සැප සම්පතින් ආඪ්‍යව
සසර සැරි සරා මේ සසර දුක් නැති කර විමුක්තිය උදා කර ගැනීමට සමත් වන බව බුදුරජාණන්
වහන්සේ අපූරුවට පෙන්වා දී තිබෙනවා.
මේ කරුණෙන් පැහැදිලි වන්නේ මේ පවුල කියන කුඩා ඒකකය හැම අතින් ම ශුභවාදී ව සංවර්ධනය
වීමෙන් ම රටක සංවර්ධනය වගේම ඒ තුළ පැවතිය යුතු සදාචාරය අරක්ෂා වන බවයි. එවැනි පවුල්
ඒකකවලින් ගහණ වූ රටකට පමණයි ඉදිරියට යා හැකි වන්නේ.
මේ බව තේරුම් ගෙන හැම විට ම වාසියක් වන විට එය පුරුෂ පක්ෂයේ හැකියාව බව පෙන්වීමට
ඉක්මන් නොවී සමාජයේ රටේ යම් සංවර්ධනයක් වේ නම් එය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම
ක්‍රියාකාරිත්වය නිසා සිදුවන බව තේරුම් ගැනීමට අප කල්පනාකාරි විය යුතු වෙනවා. |